Friday, November 17, 2017

මායා මන්දිරය -07




       බිය නැමති සුළං පහර ගතවටා දැවටෙමින් අතිශය තීරණාත්මක මොහොතක් පසුකරමින් සිටි ටිලෝ,මොරිස්,මයුරි,පෙඩී කිසිත් අදහාගත හැකිව වින්සන්ගේ සිරුරේ උඩු  කොටස දෙස බලාගත්වනම උන්නේය.කාණු තුනේ තුවක්කුව නැවතත් ඉනේ ගසාගත් මොරිස් අන්ධකාරය වෙතට අත දිගුකර කිසිවක් පෙන්වන වින්සන්ගේ රත්පැහැගත් මුහුණ පලකරන රුදුරු හැඟීම තේරුම් ගැනීමට උත්සහ කලේය.

        "ය.න්..න...ඉක්ම...න..ට"වචන කිහිපයකට සීමාවූ ඒ ජවාධික පෞරුෂත්වය යලි නෙයෙන ගමන් ගියේ පිරිස හට තවත් අද්භූත සිදුවීම් පෙළක් ඉදිරියේ ඇති බව පෙන්නුම් කරමිනි.

     "මොරිස් අපි දැන් මොකද කරන්නෙ...මේ මනුස්සයගේ සිරුර මෙතනම දාලා යනවද"

      මයුරි මියගිය වින්සන් හැඩිදැඩි සිරුර දෙස බලා සුසුමක් හෙලා නැවතත් තම පෙම්බරාගේ අතෙහි එල්ලුනාය.තම මවත් පියාත් තමන් මෙවන් බියජනක නිවාඩුවක් ගත කිරීමට පැමිණි වග දන්නවානම් සිදුවිය හැක්කේ කුමක්ද යැයි අනුමාන කිරීමටවත් නොහැකි තරමට ඇගේ සිත අවුල් ව ගොසිනි.

    "මිනිහා ගෙ වචන...ඔව් ...මිනිහ කිව්ව විදියට අපි මෙතන රැඳෙන එක නුවණට හුරු නෑ.ටෙලෝ කරත්තේ සවලක් තියෙනවද"

    "ඔව්,මොරිස් මහත්තයා,ඉන්න මම ඒක අරන් දෙනකන්"

     ටෙලෝ දාබිදු නළලත පිසදාගනිමින් අශ්ව කරත්තයෙහි පසුපස කුඩා කොටසෙහි වූ දේ අතර සවලක් සොයාගැන්මට  වැඩි වේලාවක් ගත නොවුණි.

    "ඔයා මොනවද කරන්න හදන්නෙ මොරිස්,මුරණ්ඩු වැඩක් මේ වෙලේ කලොත් අඩන්න වෙන්නෙ අපිටමයි කියන එකත් අමතක කරන්නෙපා"

     "මයුරි මම හදන්නෙ මේ මනුස්සයගේ ශරීරෙ වල දාන්න,නැත්නම් කැලෑ සත්තුන්ට කෑමක් වෙයි" මොරිස්ගේ කතාව අවසන කරත්තය දෙසින් හීන් ඉකිබිදුමක් ඇසෙන්නට විය.ඒ කිසිවෙක් නොව පෙඩීය.තම දයාබර ආරක්ෂකයාගේ අවසානය මෙතරම් ඛේදවාචකයක් වේවියැයි ඔහු කිසිසේත් නොසිතන්නට ඇත.වින්සන් තම පියාගේ විශ්වාසවන්තම ආරක්ෂකයා වීමටත් වඩා ඔහු ධනවංශ පවුලේ සමීපතමයෙක් විය.පෙඩී දුර බැහැරක ට යනවා නම් ඔහු ලගම රැදෙන වින්සන් අවශ්‍ය දෙයක් හැරුණු කොට කට මැත නොදොඩන්නෙකි.එකවර කිහිපදෙනෙකු බිම දැමිය මැකි පොර මල්ලෙකු වන වින්සන්ගේ මරණය ආරංචි වුවහොත් තම පියා ගව් ගාණක් දුර උනත් සොයා පැමිණෙනු නිසකය.
     
    "ටිලෝ ඔය කරත්තේ ආවරණය රෙද්ද ගලවලා ගන්නවා.මේ සිරුර එකේ ඔතලා කැලේට අරන් යමු.මම වලක් කපන්නම්"
          කරත්ත ආවරණ රෙද්ද ගැලවීමට පෙඩී තරමක් අකමැති වූයේය.එහෙත් පසු ව ඔහු තම අකමැත්ත යටපත් කරගත්තේය.
     
    "පෙඩී ,ඔහේ කරත්තෙට වෙලා ටිකක් ඉන්නව.මයුරි ත් ඉන්නවනෙ.ගන්නව මේ තුවක්කුව කොකා ගස්සන විදිහ දන්නවනෙ"
        පෙඩී හිස වැනුවා පමණි.පැවති තත්වය ඔහුව ගොළුවකු කරදැමුවාදැයි මොරිස්ට සිතුණි.

     පැන නැගුණු තත්වය හමුවේ වෙනත් විකල්පයක්ද ඔවුන් හමුවේ නොමැති විය.

                            *************************
              මැක්රන් මන්දිරයට අයත් භූමි භාගය අතීතයේදී වත් අතිශය ජනප්‍රයත්වයට පත් වූ තැනක් නොවුනි.අන්ධකාරය බූටෑව රාත්‍රියේ දිස්වූයේ තද නිල්පැහැගත් පෙනුමකි.මාර්ගයට මායිම් වනයට පා නැගූ මොරිස් කරත්ත ආවරණයෙන් එතූ වින්සන්ගේ නිසල  සිරුර කරමත තබාගෙන මයුරි පසුපස ගමන් කරන්නට විය.
 
     "අපි තව ගොඩක් ඇතුලට යනව ද මොරිස්"

       " එහෙම උනොත් අපිටත් වෙන්නෙ වින්සන්ට සිද්ධවෙච්ච දේ"
     
              ඊළග මොහොතේදී වනය ඇතුලෙන් විලාපයක් අැසෙන්නට විය.බිය පත් වූ මයුරි මොරිස් අසලම දැවටුනාය.

මයුරිත් මොරිසුත් වනය තල අතරමංවේ ද...

මායා මන්දිරය අට වැන්‍න ලගදිම

               ©නදීෂ නිර්මාණ හේරත්

Sunday, November 12, 2017

මාරක කතා -06


   
          මුළු පරිසරය පුරාම ගලා ගියේ තද මාරුතයක ස්වභාවයකි.අතු අතර පත් එකිනෙක සෙලවී පොළොව මත පතිත විය.එහි වූ සූළගේ හඩ දුරතියා අසන කෙනෙක්ට නම් කිහිපදෙනෙක් උරුවම් බාන ආකාරයේ හඩක් විය.අශ්ව කරත්තයෙහි හඩ මෙි එකිනෙක අතරෙහි තවතවත් ඉස්මතු නොවීය.
       අශ්ව කරත්තයෙහි රථාචාර්යවරයා වූ ටිලෝ හට නම් මේ ගමන අලුත් අත්දැකීමක් වූයේ තම ස්වාමියා වූ සීමන් හදිසියේ අසනීප වීම හේතුවෙන් තමා ට මෙි ගමනට සහභාගි වීම ට සිදුවීමයි.මෙතරම් දුරක් අමුත්තන් කිහිපදෙනෙක් සමග පැමිණෙන්නට හැකිවීම එක්තරා විදියක සියුම් සතුටක් ටිලො ලැබුවෙිය.
         "මොනවද අයිසෙ.දැන් අපි පිටත් වෙලා කොචිචර වෙලා ද? කොහෙද ඔය කියන මන්දිරය තියෙන්නෙ."
       
පිරිස අතර සිටි හැඩිදැඩි තරුණයා රථාචාර්යවරය‍ාගෙන් ඇසුවෙි නැති කෝපයක් තමන්  වෙත ගනිමිනි.
   
" මහත්තයල කිසිම දේකට බයවෙන්නෙපා.අපි වෙලාවටත් කලින් එතන අැති"
      
ටිලෝ පැවසූයේ සැහැල්ලුවෙනි.ඔහු ජීවිතයෙහි කිසිම දෙයක් හිතට ගන්නා අයෙකු නොවන අතර එහෙත් මෙය තම ස්වාමියාගේ කර්තව්‍යයක් නිසා එය හැගීමෙන් කල යුතුමය.
         අශ්ව රථයෙන් මැක්රන් මන්දිරය බලා යාමට පිටත්වූ පිරිස වූයේ තරුණ තරුණියන් කිහිපදෙනෙකි.ඔවුන් අතර සිටි තරමක් මුරණ්ඩු ගතිගුණ අැති තැනැත්තා වූයේ මොරිස්ය.ඔහු නිතරම පිරිස අතර රැඩ්කල් මත දරන්නෙක් විය.එහෙත් ඔහුගේ සුපෙම්වතිය වූ මයුරි තරමක් මටසිළුටු තැනැත්තියක වූවාය.
   
 "මොරිස්.අපිට තිබුනා සුමීවත් එක්කගෙන එන්න"
    
 ඇය පැවසුවෙි තම සොහොයුරිය පිළිබඳවය.
   
   "කිසි ගැටලුවක් නෑ.හැබැයි මං හිතන්නෑ ගෙදර අය නැතිව මෙච්චර දුරක් ඇය පැමිණෛ්වි කියලා"
      සුමී.මියුරිගේ බාල නැගනිය වූ අතර ඇය හා මොරිස් අතර වූ සබදතාවයට ඕ තරමක්  අකමැති තැනැත්තියක වූවා ය.
       කාලය වෙිගයෙන් ගලා යන්නට වූ අතර වින්සන් නමැති වියපත් පුද්ගලයා සෙස්සන්
ගේ රැකවරණය කෙරේ විමසිල්ලෙන් සිටියේය.ඔවුන් සමග ගමනට එක්වූ පෙඩ්රික් නම් තැනැත්තාගේ නිවසෙහි සිටි එක් පෞද්ගලික ආරක්ෂකයෙකු විය.විනෝද ගමනක් වුව ද .එය තරමක් දුරබැහැරක නිසා පෙඩීගේ පියා නිරන්තරයෙන් ම ඔහුගේ ත් සෙස්සන්ගේත් ආරක්ෂාව තරකිරීම ට තීරණය කොට තිබිණි.

    " මං හිතනව වින්සන් මෙහි සිටීම ඔබලා ට කරදරයක් නොවෙි කියල"
    
     "ඇත්තටම නෑ.ඇයි ඔයාට කවුරුත් එහෙම දෙයක් කිව්වද"

  මියුරි.මොරිස්ගේ මුව දෙස බැලූ අතර ඔහු තරමක් නොපැහැදීමෙන් ඉවත බලා ගත්තේය.වින්සන් සිටීම නිසාම ඔවුනගේ නිදහස ට බාධාවක් සිදුවන බව ඔහුගේ සිතුවිල්ල විය.
     වෙිගවත් මාරුතය හරහා ඉදිරිය ට ඇදෙන ටිලෝ ගේ අශ්ව රථය ඇදෙන අතර එහි වෙිගය එන්න එන්නම වැඩි වී තිබුණි.
මොරිස්.වෙහෙසෙමින් සිටි ටිලෝ  කොලුවා ට බීමට බීර බෝතලයක් දිගුකලද හේ මුලින් එය බැහැර කලේය.

   " ගන්නවා මනුස්සයො.බොනවා.මහන්සිය අඩුවේවි"
      ටිලෝ ද ඔහුගේ පෙරෙත්තයට බීගෙන බීගෙන ගොස් බෝතලය ට මොරිස් වෙත පෑවේය.එකිනෙහි මග ඉදිරිපසට අදුරු පැහැගත් කිසියම් දෙයක් පාර හරහා මාරැවත්ම අශ්ව කරත්තය වෙනතක ගෙනයන්න උත්සහ කලද එය එතරම් ලෙහෙසි නොවූ අතර එය රථයෙහි වැදින.
    " මොන මල යකාද ඒ"
හේ භීතියෙන් වෙවුලා ගියේය.

     ටිලෝ ගේ රථයට යට වූයේ කවරෙක් ද?
                       හත්වන  දිගහැරම තුලින්...

මායා මන්දිරය -05

            
     මුළු පරිසරය පුරාම ගලා ගියේ තද මාරුතයක ස්වභාවයකි.අතු අතර පත් එකිනෙක සෙලවී පොළොව මත පතිත විය.එහි වූ සූළගේ හඩ දුරතියා අසන කෙනෙක්ට නම් කිහිපදෙනෙක් උරුවම් බාන ආකාරයේ හඩක් විය.අශ්ව කරත්තයෙහි හඩ මෙි එකිනෙක අතරෙහි තවතවත් ඉස්මතු නොවීය.
       අශ්ව කරත්තයෙහි රථාචාර්යවරයා වූ ටිලෝ හට නම් මේ ගමන අලුත් අත්දැකීමක් වූයේ තම ස්වාමියා වූ සීමන් හදිසියේ අසනීප වීම හේතුවෙන් තමා ට මෙි ගමනට සහභාගි වීම ට සිදුවීමයි.මෙතරම් දුරක් අමුත්තන් කිහිපදෙනෙක් සමග පැමිණෙන්නට හැකිවීම එක්තරා විදියක සියුම් සතුටක් ටිලො ලැබුවෙිය.
         "මොනවද අයිසෙ.දැන් අපි පිටත් වෙලා කොචිචර වෙලා ද? කොහෙද ඔය කියන මන්දිරය තියෙන්නෙ."
       
පිරිස අතර සිටි හැඩිදැඩි තරුණයා රථාචාර්යවරය‍ාගෙන් ඇසුවෙි නැති කෝපයක් තමන්  වෙත ගනිමිනි.
   
" මහත්තයල කිසිම දේකට බයවෙන්නෙපා.අපි වෙලාවටත් කලින් එතන අැති"
      
ටිලෝ පැවසූයේ සැහැල්ලුවෙනි.ඔහු ජීවිතයෙහි කිසිම දෙයක් හිතට ගන්නා අයෙකු නොවන අතර එහෙත් මෙය තම ස්වාමියාගේ කර්තව්‍යයක් නිසා එය හැගීමෙන් කල යුතුමය.
         අශ්ව රථයෙන් මැක්රන් මන්දිරය බලා යාමට පිටත්වූ පිරිස වූයේ තරුණ තරුණියන් කිහිපදෙනෙකි.ඔවුන් අතර සිටි තරමක් මුරණ්ඩු ගතිගුණ අැති තැනැත්තා වූයේ මොරිස්ය.ඔහු නිතරම පිරිස අතර රැඩ්කල් මත දරන්නෙක් විය.එහෙත් ඔහුගේ සුපෙම්වතිය වූ මයුරි තරමක් මටසිළුටු තැනැත්තියක වූවාය.
   
 "මොරිස්.අපිට තිබුනා සුමීවත් එක්කගෙන එන්න"
    
 ඇය පැවසුවෙි තම සොහොයුරිය පිළිබඳවය.
   
   "කිසි ගැටලුවක් නෑ.හැබැයි මං හිතන්නෑ ගෙදර අය නැතිව මෙච්චර දුරක් ඇය පැමිණෛ්වි කියලා"
      සුමී.මියුරිගේ බාල නැගනිය වූ අතර ඇය හා මොරිස් අතර වූ සබදතාවයට ඕ තරමක්  අකමැති තැනැත්තියක වූවා ය.
       කාලය වෙිගයෙන් ගලා යන්නට වූ අතර වින්සන් නමැති වියපත් පුද්ගලයා සෙස්සන්
ගේ රැකවරණය කෙරේ විමසිල්ලෙන් සිටියේය.ඔවුන් සමග ගමනට එක්වූ පෙඩ්රික් නම් තැනැත්තාගේ නිවසෙහි සිටි එක් පෞද්ගලික ආරක්ෂකයෙකු විය.විනෝද ගමනක් වුව ද .එය තරමක් දුරබැහැරක නිසා පෙඩීගේ පියා නිරන්තරයෙන් ම ඔහුගේ ත් සෙස්සන්ගේත් ආරක්ෂාව තරකිරීම ට තීරණය කොට තිබිණි.

    " මං හිතනව වින්සන් මෙහි සිටීම ඔබලා ට කරදරයක් නොවෙි කියල"
    
     "ඇත්තටම නෑ.ඇයි ඔයාට කවුරුත් එහෙම දෙයක් කිව්වද"

  මියුරි.මොරිස්ගේ මුව දෙස බැලූ අතර ඔහු තරමක් නොපැහැදීමෙන් ඉවත බලා ගත්තේය.වින්සන් සිටීම නිසාම ඔවුනගේ නිදහස ට බාධාවක් සිදුවන බව ඔහුගේ සිතුවිල්ල විය.
     වෙිගවත් මාරුතය හරහා ඉදිරිය ට ඇදෙන ටිලෝ ගේ අශ්ව රථය ඇදෙන අතර එහි වෙිගය එන්න එන්නම වැඩි වී තිබුණි.
මොරිස්.වෙහෙසෙමින් සිටි ටිලෝ  කොලුවා ට බීමට බීර බෝතලයක් දිගුකලද හේ මුලින් එය බැහැර කලේය.

   " ගන්නවා මනුස්සයො.බොනවා.මහන්සිය අඩුවේවි"
      ටිලෝ ද ඔහුගේ පෙරෙත්තයට බීගෙන බීගෙන ගොස් බෝතලය ට මොරිස් වෙත පෑවේය.එකිනෙහි මග ඉදිරිපසට අදුරු පැහැගත් කිසියම් දෙයක් පාර හරහා මාරැවත්ම අශ්ව කරත්තය වෙනතක ගෙනයන්න උත්සහ කලද එය එතරම් ලෙහෙසි නොවූ අතර එය රථයෙහි වැදින.
    " මොන මල යකාද ඒ"
හේ භීතියෙන් වෙවුලා ගියේය.

     ටිලෝ ගේ රථයට යට වූයේ කවරෙක් ද?
                       හයවන දිගහැරම තුලින්...

Saturday, November 11, 2017

මායා මන්දිරය 04



       සිදුවූයේ කුමක්ද යන්න රොන් වික්‍රම හට බලවත් ගැටඑවක් විය.ඔහු අන්ධකාරයේ අතපතගාන්නට වූයේ හමන සුළග වැළැක්වීමට හැකියාවක් නොමැතිවය.කිසිත් සිතාගත නොහැකි මොහොතක ඔහු කෑගැසුවද මුවින් හඩ පිට නොවුනි.තොලකට ද වියළී ගොස් අන්ත අසරණ ව වැටෙන්නට ගොස් අත්වැලක් වූයේ ද පුටු කබලකි.
 
     " රසෝ.රසෝ..ඔහේ හොදින් ද.රසෝ"
   වික්‍රම හට කිසිවකුගේ උත්තරයක් නොලැබින.ඔහු හට කිසිත් සිතා ගත නොහැකි විය.රසෝ මහල්ලා හීන් හඩින් කහින අතර වික්‍රම ඔහු ට සහය වීම ට ඒ අසල ට අැදුනේය.

      " ඉන්නව ටිකක්.කලබල කලොත් අපිට මොනවත් කරගන්න ලැබෙන එකක් නැති වෙයි."

   රසෝ ගේ එක අතක් අල්ලා ගත් රොන්.ඔහු ව කරට කොට ගෙන නිවසේ කුඩා කාමරයක් වෙත ඇදුනේය.මහල්ලා ගේ නිවස කෙතරම් අපිලිවෙල ද කිවතොත් ඔවුන් ට කාමරය ට පැමිනෙන මොහොතට පයෙහි පැටලෙන්නටත් ගියේය.

    මහල්ලා තම ඇගිල්ලකින් වතුර අවශ්‍ය බව පැවසුයෙන්.රොන් මුල්තැන්ගෙය වෙත ට ඇදුනේ වීදුරුවක් සොයා ගැන්මටය.එහෙත් එය ඉතා දුෂ්කර කාර්යයක් වූයේ ආලෝකය මද වීම නිසාම ය.මෙි මෝඩ මනුස්සයගෙ ගෙදර ගිනි පෙට්ටියක් නැති හැටි.හේ ඉතා වෙහෙසක් දරා කාරණාව සපල කර ගැනීම ට නොහැකි වූ කල රොන් සිතුවෙි තම කලිසන්  සාක්කුව පිලිබද වය.එහෙත් එය එතරම් උපකාරයක් නොවුනේ  ගින්කුරක් පත්තු කල සැනින් එය නිවී යාමයි.නැවත නැවතත් එකම දේ සිදුවන විට රොන් ගේ ඇගද යාන්තම ට සීතල වී ගියේ නොදැනීමය.
 
     " ඔතන ඉන්නෙ මොන මල යකාද?"

     එහෙත් පිළිතුරක් නැත.ඒ වෙනුව ට අඩි ශබ්ද ගණනාවක් ඇසී නතර විණ.වික්‍රම ද කිසිත් තේරුම් ගත නොහැකි ව වීදුරු කවුළුව මතින් වැටෙන පිටත වූ මෙීඝ ආලෝකයෙන් වීදුරුව සොයාගෙන එය ට මෙිසය මතවූ ඩිගැන්ටරයෙන් වතුර පුරවා කාමරය වෙත ඇදුනේය.
       ඒ වන විටත් අඩ අදුරින් රොන් දුටුවෙි යම් ලෙසකින් පීඩා විදින මහල්ලාවය.

      " ඔහේ ලොකු තිබහකින්.තොලකට වෙිලිලා නිසයි එහෙම වෙන්නෙ.මෙික බීලා ඉන්නව
   එහෙත් අන්ධකාරයේ බලවෙිග ඹහුගේ මුව වසා තිබුනේය.

මායා මන්දිරය 03

         

        මහල්ලාගේ සිනාව තුල ගැබ් වූ යමක් ඇතැයි රොන් වික්‍රම හට වැටහිණ.එහෙත් එය හෙලිදරව්කර ගැනීම ට නම් කීයක් හරි වියදම් කල යුතුමය.හේ තම පසුම්බිය දිගහැරියේ කුඩා විදුලි ආලෝකයට එය යොමු කරමිනි.රසෝ් ද රහසේ මෙන් එය දෙස ට නෙත් යවන්න ට වූ අතර විටෙක එය වික්‍රම ගේ අවධානය ට ලක්විනි යැයි බියෙන් වෙනතකට නෙත් යැවීය.
 
" විල්සන් මහත්තය.අපේ ආයතනයෙන් අශ්වකරත්තයක් ඇණවුම් කලා.මම මෙහි ආවෙ එය ඔහු වෙත ලබා දෙන්න.එහෙනං කවුරු හරි අපි ව විහිඑවකට අරගෙන.එ්ත් මුදල් ඇණවුමක් නැතිව සොලමන් මහත්තයා කවදාවත් රථයක් නිදහස් කරනනෙ   නෑ.ඒක සහතිකයි"
 
 "ඔහේ ට තියෙන්නෙ විල්සන් මහත්තයා ගැන ගැටඑවක් නං මම ඒක ගැන කියන්නං.ඔය විල්සන් කියන්නෙ ඔහේ හමුවෙන්න යන මැක්රන් මහත්තයගෙ පියා"

 "ආහ්'ඒ කියන්නෙ දෙවැනි විල්සන්."

  "ඔව් ඉලන්දාරියා.ඔබ ඔය ගමන්කරන කදුවැටියට එහා භූමිභාගවල අයිතිකරු වා ඔහුයි.හැබැයි ඒ හින්දම ඔහු ට වෙච්වි මාරක අනතුරත් තවදුරටත් අභිරහසක් වුනා"

   රසෝ දිගු හුස්මක් හෙලුවෙි තවත් බීර අඩියක් පුරවා ගනිමිනි.
 
 "හරි මට කියන්න ලොකු උන්නැහෙ ඔහේ ඇයි බයවුනේ කියල.මම මැක්රන් මන්දිරය ගැන කතාකරත් දි"
    "ඉලංදාරියා.මම කතාකරන්නෙ නිකන් එහෙම කතාකරපු කාලෙකුත් තිබුනා.ඒක හින්දනේ මම තාමත් මෙහෙම ඉන්නෙ"
     තරමක ගරාවැටුනු නිවෙසක් හිමි මිනිසෙක් කියන කතාවක් එකවර විශ්වාසය ට ගත යුතුද යන්න දෙවරක් සිතිය යුතු නැත.එහෙත් මොහු කපටි තැනැත්තෙක්ද විය හැක.අවසානයේ ඔහු තවත් මුදල් නෝට්ටුවක් මහල්ලා අතට පත කළේය.

     "හරි.එහෙනං හොදට අහගන්න.මීට වසරගනනාවකට පෙර මේ හැමදෙයක් ම සිදු වෙන්න පටන් ගත්තෙ මන්දිරයෙ සිදුවුන උප්පත්තියක ට පස්සෙ"  හේ කතාව ඇරඹීය.
 
      " මේ මන්දිරය ගොඩක් මිනිස්සු අතර ජනප්‍රිය තැනක් නෙවෙයි.හැමදෙයක් ම සිදුවුනෙ හොර රහසේ.දන්නවද ඔවුන් ඒ ගැන කතාකිරීමට පවා දක්වන්නේ බියමුසු හැගීමක්"

    "ඉතින්..."
 
  " ඔහෙගෙ තරුණකම ඔහේව දවසක නැති කරනව"

   "මට දැනගන්න ඔිනා විස්තර මන්දිරය ගැන"
 
    "මන්දිරය ඇතුලෙ ජීවත්වන මිනිස්සු කොයි වගේද කියලවත් අපි දැනගෙන හිටියෙ නෑ.දවසක්.."
      මහල්ලා කතාව ආරම්භ කරත් ම වැස්ස තදකරන්නට වූ අතර මේඝ ඝර්ඡනා නැගෙන්නට විය.සතෙකුගේ කෑගැසීමක් ඇසෙන්නට විය.ක්ෂණිකයකින් නිවෙස තුලට හමා ආ සුළගත් සමගම මහඑ රසෝ මරහඩ නගන්නට විය.ස්වල්ප වෙිලාවකින් එය කෙදිරියක් බවට පත් විය.
      අනපේක්ෂිත මොහොතකට මුහුණ දුන් වික්‍රම අසරණ රසෝ ව ගලවාගැනීමට වෙර දරන්නට විය.
             
                *********************
   රසෝ මහල්ලාගේ නිවසට පැමිණි බලවෙිuගයෙහි මීළග ඉලක්කය කුමක්ද?
   රොන් වික්‍රම නැවත ගමන අරඔයි ද?

            මායා මන්දිරය - හතරවන දිගහැරැම ළගදීම.
            සැ:යු; හිමිකම කතෘ සතුයි

            

Sunday, July 3, 2016

මායා මන්දිරය 2

රොන් විශ්මයෙන් මහලු මිනිසා දෙස බලා වුන්නේය.ඔහු කුමක්හෝ සිතෙහි රදවාගෙන සිටින බව නම් සත්‍යයෙකි.එහෙත් එක් දිනෙකදී හදිසියේ මුණගැසුණු ඔහුව විශ්වාස කළ යුතු ද යන කුකුස ද එකවිට පැන නංගේය.
" හරි ඔහේ කියන්නෙ.මැක්රන් මන්දිරයට මම යන එක අවධානමක් කියලද"
අවසානයේ දී ඔහු කතාව ආරම්භ කලේය .
" ඉලංදාරියා ඔහේ තරුණයි.ඔය වයසෙදි මමත් ඔහොම තමයි.අර අර බිත්තියේ එල්ලලා තියෙන ගෝන හම .ඔහේ නොදන්කව වුනාට ලොකු කතාවක් එතන තියෙනව.අපි දකින හැමදේම එහෙමයි"
රොන්ගේ බීර වීදුරුව අවසන් කල පසු දිගු හුස්මක් හෙලනු දුටු මහල්ලා තවත් බීර වීදුරුවක් පුරවන්නට විය.එහෙත් එය අනවශ්‍ය බව වික්‍රම අතින් සන් කළේය.
" මෙික ‍මං ගානේ.හැබැයි මුල් එකට ඔහේ ගෙවන්න ඔිනා"
වික්‍රම ද තම උඩු සාක්කුවෙන් මුදල් නෝට්ටුවක් බීර වීදුරුවය යටින් තැබුවෙිය.
" අන්න ඔහෙට තේරුම් ගියා.මම කැමති ඒවිදිය ට වැඩ සිද්ධවෙනවනං"
" හරි තමුසෙ කිව්වෙ නෑනෙ හරියට ම විස්තරේ.මොකද ඔහේ මැක්රන් ගැන කිව්වම බය වුනේ"
"මගේ නම රසෝ.මෙි පාඑවට ගිය තැබෑරුම මගේ කාලෙකට ඉස්සල්ලත් ඔහේ වගේ තරුණයෙක් මෙහෙ පහුකරගෙන ගියා.අවාසනාවන්තයා"
හේ සුසුමක් හෙලුවෙි තම වම්පඅතෙහි වූ කංසා වැටිය දල්වාගෙන රොන් දෙස බැලුවේය.
"මට ඔහේ කියන දේ තාම පැහැදිලි නෑ රසෝ මොකක්ද මේ මැක්රන් මන්දිරය"
" මන්දිරයෙ අයිතිකාරයා ව්ල්සන් මහත්තයා කාලෙකට කලින් අභූත විදියට මියගියා ට පස්සෙ.හැමදේම කණපිටට පෙරලුනා."
"ඒත් විල්සන් මට කතා කලානෙ"
මහල්ලාගේ ඔහුගේ කතාවට මහ හඩින් සිනාසෙන්නට විය.
-මහල්ලා වියරුවෙන් ද.රොන් නැවතත් තම ගමන අරඔයි ද
තෙවන පරිචිඡේදයෙන් ලගදීම

Saturday, July 2, 2016

මායා මන්දිරය 01

පළමු පරිචිඡේදය ****

මන්දාරම් අහස වැහි වළාකුළින් බරවෙන්නට වූයේ වැස්සක පෙර නිමිති කියා පාමිනි.කදුකරය වෙතින් හමා ආ මාරුතය නිසා ඇතිවූ කම්පනයෙන් තුරු මහ හඩ නගමින් සෙලවෙන්නට විය.
      තම අශ්ව කරත්තය වෙිගයෙන් පදවමින් සිටි කාලවර්ණ මිනිසා මොහොතක ට රථය නතර කොට ඒ දෙස නෙත් දිගුකරන්නට වු අතර අනතුරුව දිගු සුසුමක් හෙලා අසු දෙස බලන්නට විය.

 "විල්සන් මහත්තයා  උඔ එනකම් බලන් ඉන්නව ඇති.අපි ඉක්මනට යන්න ඔිනා"

රොන් වික්‍රම තම ගමන් මහන්සිය නොබලාම නැවත අසු පැදවීමට පටන් ගත්තේය.නගරයේ සුපතල අශ්ව රථ සමාගමක් වූ "ඩික්මන් රයිඩර්" ආයතනයෙන් ඇණවුම් කළ අශ්ව රථයක්  ගනුදෙනුකරුවකු හට ලබා දීමට හෙතෙම පිටත් වූයේ හෝරා හතරකට පහකට පමණ පෙර ය.
  තව සැතපුම් භාගයක් පමණ දුර ගෙවා දැමූ රොන් හට කාලය මෙතරම් වෙිගයෙන්ගෙවී ගියාදැයි තෝරාගත නොහැකි තරමට අන්ධකාරය දැකගතහැකි විය.එකිනෙහි තම නෙත්මානයේ මැවෙන්නට වූයේ එක් පන්දම්  ලාමිපුවක් පමණක් දල්වා තිබූ පාඑ බවක් උසුලන ගරාවැටුනු නිවෙසකි.
   තවදුරටත් එයට ලංවත්ම රොන් ගේ නෙත ට හසුවූයේ දුම්වැටියක් මුවෙහි රැදි මිනිසෙකු එහාට මෙහා ට පැද්දෙන අසුනක ට බරවී සිටින ආකාරයයි.ඔහු.රොන් නිවසට ඇතුඑවන්නට වෑයම් කරත්ම එක් අතක් ඔසවා

 " දරුවා දුරබැහැරක සිට රාජකාරි කටයුත්තතට"

මහල්ලාගේ හඩ ගොරෝසුව ඇසුනේ කංසා පානය නිසායැයි රොන් ට සිතුණි.
   
" ඔව්.ඒත් ඔබ කොහොමද එහෙම කියන්නෙ"

විමතියෙන් මත් වුනු හේ නිවෙස පියස්සේ සිට ගත්තේය.ඒ තුල පත්තු කොට තිබූ පන්දමි එළියට එහි බීර පිරවූ කල්දේරමක් හා තවත් ආහාර ගෙන ඉතිරි වූ පිගන් මෙිසවල ඒ මෙි අතවිය.

 "හහ් හහ් හා ඔහෙ ට මහන්සියි.මොනව හරි සප්පායම් වෙමු මුලින්ම අනික වැස්සකුත් අත ළග"
     
නිවස අසල වූ ඕක් ගසෙහි අසු ගැට ගැසූ රොන් නිවෙස තුල ට පැමිණියේ මහල්ලා ව අනුගමනය කරමිනි.වඩාත් පාඑ මූසල ස්වභාවක් ඉසිලූ එහි බිත්ති පවා අදුරු ව ගොසිනි.එහි තැනින් තැන අපිරිසිදු මෙිස වූ අතර මෙි මිනිසාගේ වාසය පිළිබද රොන් පුදුමයටපත් වී සිටියේය.

  ස්වල්ප මොහොතක් යනතුරුත් මිනිසා ගේ නොපෙනී යාම නිසා ඔහුගේ හිතට සියුම් තැතිගැන්මක් ඇතිව තිබිණ.එහෙත් එය බිදී ගියේ ඔහුගේ හඩිනි.
  
 "ඔහේ ගෙ ගමනාන්තය කොහිද තරුණයා"
    
"මම යන්නෙ මැක්රන් විතාරන මහත්තයව මුණගැහෙන්න"

   එවර මහල්ලාගේ නෙත් විශාල වී බිය මුසු හැගීමක් පලකරන්නට විය.
    
" ඒ කියන්නෙ මැක්රන් මන්දිරයට.ඔහේට  පිස්සු
     හැදීගෙන එනවද මනුස්සයෝ"
හේ කෝපයෙන් එහා මෙහා සක්මන්කරන්න ට වූයේ අමුත්තා ට දීම ට පිරවූ බීර ජෝගුව මෙිසය මත වෙිගයෙන් තබමිනි.
             
        -මහල්ලා රොන් ගේ ගමන ගැන බිය වූයේ ඇයි?
         මායා මන්දිරය දෙවැනි  පරිචිඡේදයෙන් බලාපොරොත්තුවන්න.