Tuesday, August 10, 2010

යකාගේ බංගලාව 04


තානායමට මම ඹබව සාදරයෙන් පිළිගන්නවා

මහත්මයා

එක් අතකින් කෙහෙරැළි සකසා ගත් මො-

-නිකා තමා අසල වූ ලොග් පොත දිගහැරියාය.

එළියෙ බොහොම සීතලයි’’

වික්ටර් තම හිස් වැස්ම ගලවා එය ලොබියෙහි

මේසය මත තබා සෙටිය මත දිගඇදුනාය.

ඹබ අද රැය මෙහි පහන් කරනවද?එහෙමත්

නැත්තම්.......’’

මම අද මෙහි නවතිනවා.

මොනිකා පෑනක් අතින්ගෙන පැමිණීමේ ලේඛ-

-නය දෙසට නෙත්හෙළුවවා ය.

මහත්මයාගෙ නම?

මම වික්ටර් සපරමාදු.....

මට ඔබේ හැදුනුම්පත අවශ්‍ය වෙනවා.කරුණ‍ාකර-

-මට ඒක දෙන්න පුළුවන්ද?

වික්ටර් තම කලිසම් සාක්කුවෙහි වූ පසුම්බිය තුළින්

හැදුනුම්පත ගෙන එය කවුන්ටරය මත තැබු‍වේ

තරුණියගේ දෙනෙත්වලට එබෙමිනි.

කාමර අංක 22........ආතර්............... ආතර්

තරුණියගේ හඩ ඇසී කුදු මිනිසෙක් ඔවුන් අසල ට

පැමිණියේය.තරබාරු සිරුරකින් හෙබි මිනිසා

තීක්ෂණ බැල්මක් වික්ටර් වෙත හෙළා

සර් මෙහෙන් එන්න.....’’

හරි අමුතු මිනිහෙක්.... වික්ටර් හට සිතුනි.

ආතර් වික්ටර්ගේ ගමන් මල්ල ගෙන කොරිඩෝව

දිගේ පියමනින අතර ඔහු ආතර් පසුපස ඇදුනේය.

එළියෙ හොදටම වැහැලා අහවර වුනා විතරයි.

සර් මේ පළාතට ආගන්තුක පාටයි

තමුසෙ කොහොමද එක පාරට ම එහෙම කීවෙ?

වික්ටර් පුදුමයෙන් මෙන් තානායම්පොළේ අතවැසි

මිනිසා දෙස බැලු‍වේය.

හහ්.....හහ්.....හා....ඒක හරි ලෙහෙසි කාරණාවක්

මහත්මයා.මේ තානායම ට හුග කාලෙක ට පස්සෙයි

කෙනෙක් නවාතැන් ගන්න එන්නේ....’’

- තානායමේ දී වික්ටර් ට මුණගැසෙන්නේ ක‍‍වරෙක්ද?