Sunday, July 3, 2016

මායා මන්දිරය 2

රොන් විශ්මයෙන් මහලු මිනිසා දෙස බලා වුන්නේය.ඔහු කුමක්හෝ සිතෙහි රදවාගෙන සිටින බව නම් සත්‍යයෙකි.එහෙත් එක් දිනෙකදී හදිසියේ මුණගැසුණු ඔහුව විශ්වාස කළ යුතු ද යන කුකුස ද එකවිට පැන නංගේය.
" හරි ඔහේ කියන්නෙ.මැක්රන් මන්දිරයට මම යන එක අවධානමක් කියලද"
අවසානයේ දී ඔහු කතාව ආරම්භ කලේය .
" ඉලංදාරියා ඔහේ තරුණයි.ඔය වයසෙදි මමත් ඔහොම තමයි.අර අර බිත්තියේ එල්ලලා තියෙන ගෝන හම .ඔහේ නොදන්කව වුනාට ලොකු කතාවක් එතන තියෙනව.අපි දකින හැමදේම එහෙමයි"
රොන්ගේ බීර වීදුරුව අවසන් කල පසු දිගු හුස්මක් හෙලනු දුටු මහල්ලා තවත් බීර වීදුරුවක් පුරවන්නට විය.එහෙත් එය අනවශ්‍ය බව වික්‍රම අතින් සන් කළේය.
" මෙික ‍මං ගානේ.හැබැයි මුල් එකට ඔහේ ගෙවන්න ඔිනා"
වික්‍රම ද තම උඩු සාක්කුවෙන් මුදල් නෝට්ටුවක් බීර වීදුරුවය යටින් තැබුවෙිය.
" අන්න ඔහෙට තේරුම් ගියා.මම කැමති ඒවිදිය ට වැඩ සිද්ධවෙනවනං"
" හරි තමුසෙ කිව්වෙ නෑනෙ හරියට ම විස්තරේ.මොකද ඔහේ මැක්රන් ගැන කිව්වම බය වුනේ"
"මගේ නම රසෝ.මෙි පාඑවට ගිය තැබෑරුම මගේ කාලෙකට ඉස්සල්ලත් ඔහේ වගේ තරුණයෙක් මෙහෙ පහුකරගෙන ගියා.අවාසනාවන්තයා"
හේ සුසුමක් හෙලුවෙි තම වම්පඅතෙහි වූ කංසා වැටිය දල්වාගෙන රොන් දෙස බැලුවේය.
"මට ඔහේ කියන දේ තාම පැහැදිලි නෑ රසෝ මොකක්ද මේ මැක්රන් මන්දිරය"
" මන්දිරයෙ අයිතිකාරයා ව්ල්සන් මහත්තයා කාලෙකට කලින් අභූත විදියට මියගියා ට පස්සෙ.හැමදේම කණපිටට පෙරලුනා."
"ඒත් විල්සන් මට කතා කලානෙ"
මහල්ලාගේ ඔහුගේ කතාවට මහ හඩින් සිනාසෙන්නට විය.
-මහල්ලා වියරුවෙන් ද.රොන් නැවතත් තම ගමන අරඔයි ද
තෙවන පරිචිඡේදයෙන් ලගදීම