Saturday, September 15, 2012

යකාගේ බංගලාව -13 ‍

        
          ලුසියා කඩමාළු නමුත් පිරිසිදු රෙද්ද කරවට
තව තවත් ඔතා ගත්තාය.සුප් භාඡනය හැදි
ගාමින් සිටි මේරි තම එප්රනය අතින් සකසා
ගනිමින් එහි පදම බැලුවාය.

   මේ හිමිදිරි යෙ මොකෝ ලුසි අක්කෙ....

තමා අසළ ලී පුටුව මතට බරවූ ලුසියා දෙසට
හැරුනු මේරි සුප් භාඡනය පියනින් වැසුවාය.

    පුඵවන් නං හිමිදිරියෙ නෙවේ....රාත්තිරි
    -යෙම එනවා බං

    ඇයි බංගලාවෙ මොකුත් කරදරයක්වත් ද?
     ‍ෙඡා්සප් ආපු  වෙලාවෙත් මම අක්කා ගැන
     ඇහුවා

       මේරි  ලුසියා වාඩිවී සිටි පුටුව අසළ සිට -
-ගත්තේ ඇය ට පිටුපා ය.ඇය සිටියේ අමුත්තාට
කෑම පිළියෙළ කරමිනි.


ඌයි ....මායි තනියම ඒ පාඵ බංගලාවෙ හිටිය ට දැන් සිද්ධ වෙන්නෙ හරි අමුතු දේවල් බං


 ලුසියා මත වූ ඩ්ගැන්ටරයෙන් වතුර වීදුරුවක් පුරවාගෙන සෙමින් එය තොළ ගාන්න ට වූවා ය.
සීතල නිසාදෝ ඇයගේ දෙඅත් හිරිවැටී සුදුමැළි වී ගොසිනි.


බංගලාවෙ තනියම උන්න ට  මහත්තයා උඔල ට නොසලකා ඉන්නවා යැ බං

මේරි ගේ කතාවට මහඵ කාන්තාවගේ ඇග තරහින් රත්වී ගියා ය.

එහෙව් කෙංගෙඩියක් නෙවේ බං

එහෙනං.....?

මේරි ලුසියා වෙත ළංවූයේ  ඒප්රනය ගලවා බිත්තියෙ ඇණයක ‍එල්ලමනි.


මං දැක්ක‍ා බං ..............එරික් මහත්තයව....
උන්දෑ මං දිහා බලන් හිටියා ගිලින්න වගෙ
මැද සාලෙ ඉදන්...

මැහැල්ල රහසින් මෙන් වදන් පිට කලේ වට-
-පිටාවේ තම කතාව කිසිවෙකු අසා සිටීදැයි
සැකහැර දැන ගනිමිනි.මහඵ කාන්තාවගේ
කතාවට ‍මේරි ගේ මුහුනේ ඇදුනේ තැතිගැන්-
-මක් මුසු මද සිනහවකි.


සීතලය උ‍ෙඔ සෙම කෝපවෙලා...උඔල ට
විකාරද ලුසියක්කේ.මල වුන් ආපහු එන
රටක් තියෙයි ද බං

-
ලුසියාගෙ කතාව කවුරුත් පිළිගනීද?
 එය ඇත්තක් නම්......තවත් කොටසක් ළගදීම)


(මෙම මාරක කතාව දිගින් දිගට ම පළ වෙන බව කරුණාවෙන් සලකන්න)