Monday, July 4, 2011

යකා‍ගේ බංගලාව 10




තානායමෙහි ඉදිරිපස වු ආරුක්කු ‍පෙළ ‍වර්ෂාව ට දි‍යසෙවල බැදී

පැරණි පෙනුමක් ලැබී තිබුණි.එහි කලක ට ඉහතදී කල සායම් ද

ගොස් තිබිණි.ඈත සිට බලනනෙකු ට නම් එය පෙනෙන්නේ අත-

-හැර දමා තිබු ගොඩනැගිල්ල ක් ලෙසිනි.මිදුලෙහි වූ ඕක් ගස මත

පෙර දින රැයේ ‍නවාතැන් ගත් බකමූණා‍ගේ හඩ තරමක් බොල් එකකි.



''කෝ මේ තානායමේ මිනිස්සු,දොරවල් හෝ ගාලා ඇරල දාලා''



මහඵ කාන්තාවගෙන් දිස්වුයේ අ‍ශෝභන ‍පෙනුමකි.තැනින් තැන ඉදී-

-ගොස් තිබුණු එහි සුළං හා දග කරන්න‍ට විය.



''මොකද බං බෙරිහන් දෙන්නෙ''



ආතර් කොර ගසමින් තානායමෙහි ඉදිරිය ද්වාරය අසළ සිට ගත්තේ

ඉද්ද ගැසුවාක් මෙනි.



'' මේ කොරෝ,මට උඔත් එක්ක බජනයක් නෑ,කොහි ද කියපන්

ඇල්පඩ් මහත්ත‍‍යා''



ඇයගේ කතාවට තානායම් පල්ලාගේ ‍නෙත් ලැජ්ජාවෙන් ඇළලී ගියේය.

ඔහු ඇය ට සාප කරමින් මොනමොනා දෝ කොදුරන්න ට විය.



''කවුද බං ඔය උදේ පාන්දර මොරගහන්නේ''



තානායම තුලින් ගොරහැඩි කටහඩක් ඇසිණි.ඒත් සමග ම පිටතට පැමිණි තානායම් හිමියාගේ බැල්ම මැහැල්ල කෙරේ විය.



'' මේ ලුසියානෙ,මොකද උදෙන් ම,ජොසප් ව එව්වානම් ඉවරයිනෙ''



ලුසියා ගේ මුහුණ රැය පුරා‍‍වටම නිදිමැරූ බවක් දුටු අයෙකු ට ගම්‍ය වෙයි.ඇය කුමකු හෝ මුමුණන්නට ‍වෙර දරන බව ඔහු ට ‍වැටහිණ.



''මම මේ කියන්න ආ‍වේ.....ලොකු මහත්ත ය ට බංග‍ලාවෙ......''



''ඇයි බංගලාවෙ ‍මොකද සිද්ද වෙලා තියෙන්නෙ''



ඊළග නිමේෂයේ ඇගේ හද ගැහෙමින් තිබිණි.



- මතු සම්බන්ධයි-