ලුසියා ගජධීර නිවස ට පැමිණ වසර ගණනාවකි.එඩ්වඩ් ගජධීරය න් තම
බිරිද ට සහය වීම සදහා ඇය ව තෝරා ගනු ලැබුවේ ඈ හට කාත් කවුරුවුත් නැති
වීම නිසා ම නොව ඈ කළකට ඉහතදී සාත්තු සේවිකාවක් ලෙස නගරයේ හෙද
විදුහලේ දී ලත් පරිචය නිසාම ය.කාලායාගේ ඇවෑමෙන් ඈ ඇල්පඩ් ගජධීර ගේ
බිරිද ට සහය වීම සදහා ඇය ව තෝරා ගනු ලැබුවේ ඈ හට කාත් කවුරුවුත් නැති
වීම නිසා ම නොව ඈ කළකට ඉහතදී සාත්තු සේවිකාවක් ලෙස නගරයේ හෙද
විදුහලේ දී ලත් පරිචය නිසාම ය.කාලායාගේ ඇවෑමෙන් ඈ ඇල්පඩ් ගජධීර ගේ
අවංක සේවිකාව බව ට පත් වූවාය.
'' හරි....හරි....දැන් කියපන්කෝ.මොකක්ද කාරණාව මේ හැටි කල්පනාකරන්න''
ඇල්පඩ් ගජධීර තම සේවිකාව දෙස විමතියෙන් මෙන් බැල්මක් හෙලුවෙිය.
ඈ වෙනදා නැති සාංකාවකින් පෙළෙන බව ඔහුට සිතුණි.
''කොහෙද මේ මිනිහා මගෙ ඇගට කඩා පනින්න ගත්තනෙ''
ආතර් ඈ දෙස රවා බැල්මක් හෙලුවේ එවෙලෙහි ය.මැහැල්ල කතා කළේ තරමක්
කෝපයෙනි.විටෙක ඈ දත් මිටි කෑවා ය.
''ආතර් උඔ මෙතනින් යමන්.ලුසී කැමති නෑ උඔ ඉන්න තැන මේ
ගැන කතා කරන්න''
තානායම්පල්ලා,තම ස්වාමියාගේ අණ ට කීකරුව එතැනින් ඉවත්
වූයේය.ගජධීර ද උගුර පාදමින් මහළු කාන්තාව වෙත ළං වූයේ කුතුහල-
-ය මුසු දෙනෙතිනි.
''මට ඒ බංගලවෙ තවත් වසන්න බෑ,ලොකු සෑර්.......''.
ලුසියා ද දිගු සුසුමක් හෙළමින් තානායමෙ හි අසුනක ට බර වූයේ එයින්
හඩක් නංවමිනි.
'' ඒ මොකෝ,හොර හතුරෙක්ගෙන් කරදරයක්වත් ද?''
එහෙම දෙයක් නෙවේ......ඇල්පඩ් මහත්තයො,රෑ ට රෑට සොල්දරය
උඩින් කවුරු හරි ඇවිදිනවා ඇහෙනවා
''මොකක් කීවෙ......''
තානායම්කරුවා අයාගත් දෙනෙතින් ඈ වෙත හැරුණේය.
-මතු සම්බන්ධයි-