Saturday, November 11, 2017

මායා මන්දිරය 04



       සිදුවූයේ කුමක්ද යන්න රොන් වික්‍රම හට බලවත් ගැටඑවක් විය.ඔහු අන්ධකාරයේ අතපතගාන්නට වූයේ හමන සුළග වැළැක්වීමට හැකියාවක් නොමැතිවය.කිසිත් සිතාගත නොහැකි මොහොතක ඔහු කෑගැසුවද මුවින් හඩ පිට නොවුනි.තොලකට ද වියළී ගොස් අන්ත අසරණ ව වැටෙන්නට ගොස් අත්වැලක් වූයේ ද පුටු කබලකි.
 
     " රසෝ.රසෝ..ඔහේ හොදින් ද.රසෝ"
   වික්‍රම හට කිසිවකුගේ උත්තරයක් නොලැබින.ඔහු හට කිසිත් සිතා ගත නොහැකි විය.රසෝ මහල්ලා හීන් හඩින් කහින අතර වික්‍රම ඔහු ට සහය වීම ට ඒ අසල ට අැදුනේය.

      " ඉන්නව ටිකක්.කලබල කලොත් අපිට මොනවත් කරගන්න ලැබෙන එකක් නැති වෙයි."

   රසෝ ගේ එක අතක් අල්ලා ගත් රොන්.ඔහු ව කරට කොට ගෙන නිවසේ කුඩා කාමරයක් වෙත ඇදුනේය.මහල්ලා ගේ නිවස කෙතරම් අපිලිවෙල ද කිවතොත් ඔවුන් ට කාමරය ට පැමිනෙන මොහොතට පයෙහි පැටලෙන්නටත් ගියේය.

    මහල්ලා තම ඇගිල්ලකින් වතුර අවශ්‍ය බව පැවසුයෙන්.රොන් මුල්තැන්ගෙය වෙත ට ඇදුනේ වීදුරුවක් සොයා ගැන්මටය.එහෙත් එය ඉතා දුෂ්කර කාර්යයක් වූයේ ආලෝකය මද වීම නිසාම ය.මෙි මෝඩ මනුස්සයගෙ ගෙදර ගිනි පෙට්ටියක් නැති හැටි.හේ ඉතා වෙහෙසක් දරා කාරණාව සපල කර ගැනීම ට නොහැකි වූ කල රොන් සිතුවෙි තම කලිසන්  සාක්කුව පිලිබද වය.එහෙත් එය එතරම් උපකාරයක් නොවුනේ  ගින්කුරක් පත්තු කල සැනින් එය නිවී යාමයි.නැවත නැවතත් එකම දේ සිදුවන විට රොන් ගේ ඇගද යාන්තම ට සීතල වී ගියේ නොදැනීමය.
 
     " ඔතන ඉන්නෙ මොන මල යකාද?"

     එහෙත් පිළිතුරක් නැත.ඒ වෙනුව ට අඩි ශබ්ද ගණනාවක් ඇසී නතර විණ.වික්‍රම ද කිසිත් තේරුම් ගත නොහැකි ව වීදුරු කවුළුව මතින් වැටෙන පිටත වූ මෙීඝ ආලෝකයෙන් වීදුරුව සොයාගෙන එය ට මෙිසය මතවූ ඩිගැන්ටරයෙන් වතුර පුරවා කාමරය වෙත ඇදුනේය.
       ඒ වන විටත් අඩ අදුරින් රොන් දුටුවෙි යම් ලෙසකින් පීඩා විදින මහල්ලාවය.

      " ඔහේ ලොකු තිබහකින්.තොලකට වෙිලිලා නිසයි එහෙම වෙන්නෙ.මෙික බීලා ඉන්නව
   එහෙත් අන්ධකාරයේ බලවෙිග ඹහුගේ මුව වසා තිබුනේය.

මායා මන්දිරය 03

         

        මහල්ලාගේ සිනාව තුල ගැබ් වූ යමක් ඇතැයි රොන් වික්‍රම හට වැටහිණ.එහෙත් එය හෙලිදරව්කර ගැනීම ට නම් කීයක් හරි වියදම් කල යුතුමය.හේ තම පසුම්බිය දිගහැරියේ කුඩා විදුලි ආලෝකයට එය යොමු කරමිනි.රසෝ් ද රහසේ මෙන් එය දෙස ට නෙත් යවන්න ට වූ අතර විටෙක එය වික්‍රම ගේ අවධානය ට ලක්විනි යැයි බියෙන් වෙනතකට නෙත් යැවීය.
 
" විල්සන් මහත්තය.අපේ ආයතනයෙන් අශ්වකරත්තයක් ඇණවුම් කලා.මම මෙහි ආවෙ එය ඔහු වෙත ලබා දෙන්න.එහෙනං කවුරු හරි අපි ව විහිඑවකට අරගෙන.එ්ත් මුදල් ඇණවුමක් නැතිව සොලමන් මහත්තයා කවදාවත් රථයක් නිදහස් කරනනෙ   නෑ.ඒක සහතිකයි"
 
 "ඔහේ ට තියෙන්නෙ විල්සන් මහත්තයා ගැන ගැටඑවක් නං මම ඒක ගැන කියන්නං.ඔය විල්සන් කියන්නෙ ඔහේ හමුවෙන්න යන මැක්රන් මහත්තයගෙ පියා"

 "ආහ්'ඒ කියන්නෙ දෙවැනි විල්සන්."

  "ඔව් ඉලන්දාරියා.ඔබ ඔය ගමන්කරන කදුවැටියට එහා භූමිභාගවල අයිතිකරු වා ඔහුයි.හැබැයි ඒ හින්දම ඔහු ට වෙච්වි මාරක අනතුරත් තවදුරටත් අභිරහසක් වුනා"

   රසෝ දිගු හුස්මක් හෙලුවෙි තවත් බීර අඩියක් පුරවා ගනිමිනි.
 
 "හරි මට කියන්න ලොකු උන්නැහෙ ඔහේ ඇයි බයවුනේ කියල.මම මැක්රන් මන්දිරය ගැන කතාකරත් දි"
    "ඉලංදාරියා.මම කතාකරන්නෙ නිකන් එහෙම කතාකරපු කාලෙකුත් තිබුනා.ඒක හින්දනේ මම තාමත් මෙහෙම ඉන්නෙ"
     තරමක ගරාවැටුනු නිවෙසක් හිමි මිනිසෙක් කියන කතාවක් එකවර විශ්වාසය ට ගත යුතුද යන්න දෙවරක් සිතිය යුතු නැත.එහෙත් මොහු කපටි තැනැත්තෙක්ද විය හැක.අවසානයේ ඔහු තවත් මුදල් නෝට්ටුවක් මහල්ලා අතට පත කළේය.

     "හරි.එහෙනං හොදට අහගන්න.මීට වසරගනනාවකට පෙර මේ හැමදෙයක් ම සිදු වෙන්න පටන් ගත්තෙ මන්දිරයෙ සිදුවුන උප්පත්තියක ට පස්සෙ"  හේ කතාව ඇරඹීය.
 
      " මේ මන්දිරය ගොඩක් මිනිස්සු අතර ජනප්‍රිය තැනක් නෙවෙයි.හැමදෙයක් ම සිදුවුනෙ හොර රහසේ.දන්නවද ඔවුන් ඒ ගැන කතාකිරීමට පවා දක්වන්නේ බියමුසු හැගීමක්"

    "ඉතින්..."
 
  " ඔහෙගෙ තරුණකම ඔහේව දවසක නැති කරනව"

   "මට දැනගන්න ඔිනා විස්තර මන්දිරය ගැන"
 
    "මන්දිරය ඇතුලෙ ජීවත්වන මිනිස්සු කොයි වගේද කියලවත් අපි දැනගෙන හිටියෙ නෑ.දවසක්.."
      මහල්ලා කතාව ආරම්භ කරත් ම වැස්ස තදකරන්නට වූ අතර මේඝ ඝර්ඡනා නැගෙන්නට විය.සතෙකුගේ කෑගැසීමක් ඇසෙන්නට විය.ක්ෂණිකයකින් නිවෙස තුලට හමා ආ සුළගත් සමගම මහඑ රසෝ මරහඩ නගන්නට විය.ස්වල්ප වෙිලාවකින් එය කෙදිරියක් බවට පත් විය.
      අනපේක්ෂිත මොහොතකට මුහුණ දුන් වික්‍රම අසරණ රසෝ ව ගලවාගැනීමට වෙර දරන්නට විය.
             
                *********************
   රසෝ මහල්ලාගේ නිවසට පැමිණි බලවෙිuගයෙහි මීළග ඉලක්කය කුමක්ද?
   රොන් වික්‍රම නැවත ගමන අරඔයි ද?

            මායා මන්දිරය - හතරවන දිගහැරැම ළගදීම.
            සැ:යු; හිමිකම කතෘ සතුයි

            

Sunday, July 3, 2016

මායා මන්දිරය 2

රොන් විශ්මයෙන් මහලු මිනිසා දෙස බලා වුන්නේය.ඔහු කුමක්හෝ සිතෙහි රදවාගෙන සිටින බව නම් සත්‍යයෙකි.එහෙත් එක් දිනෙකදී හදිසියේ මුණගැසුණු ඔහුව විශ්වාස කළ යුතු ද යන කුකුස ද එකවිට පැන නංගේය.
" හරි ඔහේ කියන්නෙ.මැක්රන් මන්දිරයට මම යන එක අවධානමක් කියලද"
අවසානයේ දී ඔහු කතාව ආරම්භ කලේය .
" ඉලංදාරියා ඔහේ තරුණයි.ඔය වයසෙදි මමත් ඔහොම තමයි.අර අර බිත්තියේ එල්ලලා තියෙන ගෝන හම .ඔහේ නොදන්කව වුනාට ලොකු කතාවක් එතන තියෙනව.අපි දකින හැමදේම එහෙමයි"
රොන්ගේ බීර වීදුරුව අවසන් කල පසු දිගු හුස්මක් හෙලනු දුටු මහල්ලා තවත් බීර වීදුරුවක් පුරවන්නට විය.එහෙත් එය අනවශ්‍ය බව වික්‍රම අතින් සන් කළේය.
" මෙික ‍මං ගානේ.හැබැයි මුල් එකට ඔහේ ගෙවන්න ඔිනා"
වික්‍රම ද තම උඩු සාක්කුවෙන් මුදල් නෝට්ටුවක් බීර වීදුරුවය යටින් තැබුවෙිය.
" අන්න ඔහෙට තේරුම් ගියා.මම කැමති ඒවිදිය ට වැඩ සිද්ධවෙනවනං"
" හරි තමුසෙ කිව්වෙ නෑනෙ හරියට ම විස්තරේ.මොකද ඔහේ මැක්රන් ගැන කිව්වම බය වුනේ"
"මගේ නම රසෝ.මෙි පාඑවට ගිය තැබෑරුම මගේ කාලෙකට ඉස්සල්ලත් ඔහේ වගේ තරුණයෙක් මෙහෙ පහුකරගෙන ගියා.අවාසනාවන්තයා"
හේ සුසුමක් හෙලුවෙි තම වම්පඅතෙහි වූ කංසා වැටිය දල්වාගෙන රොන් දෙස බැලුවේය.
"මට ඔහේ කියන දේ තාම පැහැදිලි නෑ රසෝ මොකක්ද මේ මැක්රන් මන්දිරය"
" මන්දිරයෙ අයිතිකාරයා ව්ල්සන් මහත්තයා කාලෙකට කලින් අභූත විදියට මියගියා ට පස්සෙ.හැමදේම කණපිටට පෙරලුනා."
"ඒත් විල්සන් මට කතා කලානෙ"
මහල්ලාගේ ඔහුගේ කතාවට මහ හඩින් සිනාසෙන්නට විය.
-මහල්ලා වියරුවෙන් ද.රොන් නැවතත් තම ගමන අරඔයි ද
තෙවන පරිචිඡේදයෙන් ලගදීම

Saturday, July 2, 2016

මායා මන්දිරය 01

පළමු පරිචිඡේදය ****

මන්දාරම් අහස වැහි වළාකුළින් බරවෙන්නට වූයේ වැස්සක පෙර නිමිති කියා පාමිනි.කදුකරය වෙතින් හමා ආ මාරුතය නිසා ඇතිවූ කම්පනයෙන් තුරු මහ හඩ නගමින් සෙලවෙන්නට විය.
      තම අශ්ව කරත්තය වෙිගයෙන් පදවමින් සිටි කාලවර්ණ මිනිසා මොහොතක ට රථය නතර කොට ඒ දෙස නෙත් දිගුකරන්නට වු අතර අනතුරුව දිගු සුසුමක් හෙලා අසු දෙස බලන්නට විය.

 "විල්සන් මහත්තයා  උඔ එනකම් බලන් ඉන්නව ඇති.අපි ඉක්මනට යන්න ඔිනා"

රොන් වික්‍රම තම ගමන් මහන්සිය නොබලාම නැවත අසු පැදවීමට පටන් ගත්තේය.නගරයේ සුපතල අශ්ව රථ සමාගමක් වූ "ඩික්මන් රයිඩර්" ආයතනයෙන් ඇණවුම් කළ අශ්ව රථයක්  ගනුදෙනුකරුවකු හට ලබා දීමට හෙතෙම පිටත් වූයේ හෝරා හතරකට පහකට පමණ පෙර ය.
  තව සැතපුම් භාගයක් පමණ දුර ගෙවා දැමූ රොන් හට කාලය මෙතරම් වෙිගයෙන්ගෙවී ගියාදැයි තෝරාගත නොහැකි තරමට අන්ධකාරය දැකගතහැකි විය.එකිනෙහි තම නෙත්මානයේ මැවෙන්නට වූයේ එක් පන්දම්  ලාමිපුවක් පමණක් දල්වා තිබූ පාඑ බවක් උසුලන ගරාවැටුනු නිවෙසකි.
   තවදුරටත් එයට ලංවත්ම රොන් ගේ නෙත ට හසුවූයේ දුම්වැටියක් මුවෙහි රැදි මිනිසෙකු එහාට මෙහා ට පැද්දෙන අසුනක ට බරවී සිටින ආකාරයයි.ඔහු.රොන් නිවසට ඇතුඑවන්නට වෑයම් කරත්ම එක් අතක් ඔසවා

 " දරුවා දුරබැහැරක සිට රාජකාරි කටයුත්තතට"

මහල්ලාගේ හඩ ගොරෝසුව ඇසුනේ කංසා පානය නිසායැයි රොන් ට සිතුණි.
   
" ඔව්.ඒත් ඔබ කොහොමද එහෙම කියන්නෙ"

විමතියෙන් මත් වුනු හේ නිවෙස පියස්සේ සිට ගත්තේය.ඒ තුල පත්තු කොට තිබූ පන්දමි එළියට එහි බීර පිරවූ කල්දේරමක් හා තවත් ආහාර ගෙන ඉතිරි වූ පිගන් මෙිසවල ඒ මෙි අතවිය.

 "හහ් හහ් හා ඔහෙ ට මහන්සියි.මොනව හරි සප්පායම් වෙමු මුලින්ම අනික වැස්සකුත් අත ළග"
     
නිවස අසල වූ ඕක් ගසෙහි අසු ගැට ගැසූ රොන් නිවෙස තුල ට පැමිණියේ මහල්ලා ව අනුගමනය කරමිනි.වඩාත් පාඑ මූසල ස්වභාවක් ඉසිලූ එහි බිත්ති පවා අදුරු ව ගොසිනි.එහි තැනින් තැන අපිරිසිදු මෙිස වූ අතර මෙි මිනිසාගේ වාසය පිළිබද රොන් පුදුමයටපත් වී සිටියේය.

  ස්වල්ප මොහොතක් යනතුරුත් මිනිසා ගේ නොපෙනී යාම නිසා ඔහුගේ හිතට සියුම් තැතිගැන්මක් ඇතිව තිබිණ.එහෙත් එය බිදී ගියේ ඔහුගේ හඩිනි.
  
 "ඔහේ ගෙ ගමනාන්තය කොහිද තරුණයා"
    
"මම යන්නෙ මැක්රන් විතාරන මහත්තයව මුණගැහෙන්න"

   එවර මහල්ලාගේ නෙත් විශාල වී බිය මුසු හැගීමක් පලකරන්නට විය.
    
" ඒ කියන්නෙ මැක්රන් මන්දිරයට.ඔහේට  පිස්සු
     හැදීගෙන එනවද මනුස්සයෝ"
හේ කෝපයෙන් එහා මෙහා සක්මන්කරන්න ට වූයේ අමුත්තා ට දීම ට පිරවූ බීර ජෝගුව මෙිසය මත වෙිගයෙන් තබමිනි.
             
        -මහල්ලා රොන් ගේ ගමන ගැන බිය වූයේ ඇයි?
         මායා මන්දිරය දෙවැනි  පරිචිඡේදයෙන් බලාපොරොත්තුවන්න.
                          

යකාගේ බංගලාවෙන් ඇරඹි බ්ලොග් මාරක කතා කලාව නුදුරු දිනෙක ඔබ වෙතටම

සුවහසක් රසික පිරිස වෙනුවෙන් යකාගේ බංගලාව පොතක් වශයෙන් නුදුරු දිනෙක ඔබ අතට පත්වනු ඇත.ඒ අතරේදී මගේ කතා කියවන බ්ලොග් රසිකයන්ට තවත් කතා කිහිපයක් අද පටන් ගෙන ඒමට තීරණය කලෙමි.
මෙතරම් දිනක් මාහට බ්ලොග් සටහන යාවත්කාලීන කිරීමට නොහැකි වූ යේ පුවත්පත් ජීවිතයේ ඉඩහසරක් ලැබීමට තරම් කාලයක් නොමැති වීමයි.එහෙත් සියල්ල සලකා බලා මම නැවතත් මගේ බ්ලොගය වෙත ට කතා ලිවීමට පැමිණියේ ඔබ වෙනුවෙන්මය.තවත් මගේ කතා මුහුණු පොතේ පිටු ලෙසින් දිග හැරෙන බවත් සලකා ඒ හා හැකිනම් සම්බන්ධ වන්න.ස්තුතියි .මා හා රැදෙන ඔබ සියලු දෙනාට.
           -නදීෂ නිර්මාණ හේරත්

Saturday, September 15, 2012

යකාගේ බංගලාව -13 ‍

        
          ලුසියා කඩමාළු නමුත් පිරිසිදු රෙද්ද කරවට
තව තවත් ඔතා ගත්තාය.සුප් භාඡනය හැදි
ගාමින් සිටි මේරි තම එප්රනය අතින් සකසා
ගනිමින් එහි පදම බැලුවාය.

   “මේ හිමිදිරි යෙ මොකෝ ලුසි අක්කෙ....”

තමා අසළ ලී පුටුව මතට බරවූ ලුසියා දෙසට
හැරුනු මේරි සුප් භාඡනය පියනින් වැසුවාය.

    “පුඵවන් නං හිමිදිරියෙ නෙවේ....රාත්තිරි
    -යෙම එනවා බං”

    “ඇයි බංගලාවෙ මොකුත් කරදරයක්වත් ද?
     ‍ෙඡා්සප් ආපු  වෙලාවෙත් මම අක්කා ගැන
     ඇහුවා

       මේරි  ලුසියා වාඩිවී සිටි පුටුව අසළ සිට -
-ගත්තේ ඇය ට පිටුපා ය.ඇය සිටියේ අමුත්තාට
කෑම පිළියෙළ කරමිනි.


“ ඌයි ....මායි තනියම ඒ පාඵ බංගලාවෙ හිටිය ට දැන් සිද්ධ වෙන්නෙ හරි අමුතු දේවල් බං”


 ලුසියා මත වූ ඩ්ගැන්ටරයෙන් වතුර වීදුරුවක් පුරවාගෙන සෙමින් එය තොළ ගාන්න ට වූවා ය.
සීතල නිසාදෝ ඇයගේ දෙඅත් හිරිවැටී සුදුමැළි වී ගොසිනි.


“බංගලාවෙ තනියම උන්න ට  මහත්තයා උඔල ට නොසලකා ඉන්නවා යැ බං”

මේරි ගේ කතාවට මහඵ කාන්තාවගේ ඇග තරහින් රත්වී ගියා ය.

“එහෙව් කෙංගෙඩියක් නෙවේ බං”

“එහෙනං.....?”

මේරි ලුසියා වෙත ළංවූයේ  ඒප්රනය ගලවා බිත්තියෙ ඇණයක ‍එල්ලමනි.


“මං දැක්ක‍ා බං ..............එරික් මහත්තයව....
උන්දෑ මං දිහා බලන් හිටියා ගිලින්න වගෙ
මැද සාලෙ ඉදන්...”

මැහැල්ල රහසින් මෙන් වදන් පිට කලේ වට-
-පිටාවේ තම කතාව කිසිවෙකු අසා සිටීදැයි
සැකහැර දැන ගනිමිනි.මහඵ කාන්තාවගේ
කතාවට ‍මේරි ගේ මුහුනේ ඇදුනේ තැතිගැන්-
-මක් මුසු මද සිනහවකි.


“සීතලය උ‍ෙඔ සෙම කෝපවෙලා...උඔල ට
විකාරද ලුසියක්කේ.මල වුන් ආපහු එන
රටක් තියෙයි ද බං”

-
ලුසියාගෙ කතාව කවුරුත් පිළිගනීද?
 එය ඇත්තක් නම්......තවත් කොටසක් ළගදීම)


(මෙම මාරක කතාව දිගින් දිගට ම පළ වෙන බව කරුණාවෙන් සලකන්න)




























































































Monday, November 7, 2011

යකා‍ගේ බංගලාව 12





‍‍
මොකක් ද කියලා කිව්වා'


ඇල්පඩ් ගජධීර කල්‍‍‍පනා බරිත ව මිහිදුම් බැදී තිබුනු ‍ජනේලය


දෙස බ‍ලා විමතියෙන් මෙන් ඇසු‍වෙිය.


එහෙත් ලුසියාගේ නෙත් භීතිය ට පත් වී ඇති බවක් පෙනෙන්න


ට ලැබුණි.


'මට තේරෙන්නෙ නෑ මහත්තයො.හැම දෙයක් ම පැටළිලි
සහගතයි.'


' ඒ කිව්වෙ.මට ‍‍උ‍‍‍‍‍‍‍ඔ කියන ඔය අංඩරය ‍තේරෙන්නෙ නෑ.
ඔය බංගලාවෙ ඇති භූතයෙක් නෑ බං'


ලුසියා තම නෙත් පියන් සෙමින් පියවමින් වෙහෙසකර විය.ඇය


කිසිවිටක ත් නිස්කාරනයේ බිය නොවන බව වි‍ටෙක ගජධීර සිතු


වෙිය.කවුළුව අතරින් ගලා ආ සුළං පහරින් ඇග හිරිගඩු ‍පිපෙන්


නට විය.


     'මම කියව්වෙ සර් මේ ගෑනි ට පිස්සු කියලා'



කොහේදෝ සිට දුවගෙන ආ තර් දෙස 


තානායම්හිමියා කෝප‍යෙන්



නෙත් ‍හෙළුවේය.ඔහු ලුසියා පිළිබද ව සිතුවේ ඈ උමතු‍ ගැහැනිය ක

ලෙසිනි.‍වයසත් සමග ම ඇයගේ මතකය හිනවීම පමණක් නොව



සිහිකල්පනාව ද දුර්වල වී ඇත යන මත‍ය ඔහු දැරුවෙිය.




'හරි හ‍රි අපි කියමු‍කො ලුසි අම්මේ ‍උඔට සොල්දරයෙන් ‍ඇහෙන
   

ශබ්ද සත්තුන් ගෙ වෙන්න ත් පුළුවන් නේද?





-මතු සම්බන්ධයි