Saturday, July 2, 2016

යකාගේ බංගලාවෙන් ඇරඹි බ්ලොග් මාරක කතා කලාව නුදුරු දිනෙක ඔබ වෙතටම

සුවහසක් රසික පිරිස වෙනුවෙන් යකාගේ බංගලාව පොතක් වශයෙන් නුදුරු දිනෙක ඔබ අතට පත්වනු ඇත.ඒ අතරේදී මගේ කතා කියවන බ්ලොග් රසිකයන්ට තවත් කතා කිහිපයක් අද පටන් ගෙන ඒමට තීරණය කලෙමි.
මෙතරම් දිනක් මාහට බ්ලොග් සටහන යාවත්කාලීන කිරීමට නොහැකි වූ යේ පුවත්පත් ජීවිතයේ ඉඩහසරක් ලැබීමට තරම් කාලයක් නොමැති වීමයි.එහෙත් සියල්ල සලකා බලා මම නැවතත් මගේ බ්ලොගය වෙත ට කතා ලිවීමට පැමිණියේ ඔබ වෙනුවෙන්මය.තවත් මගේ කතා මුහුණු පොතේ පිටු ලෙසින් දිග හැරෙන බවත් සලකා ඒ හා හැකිනම් සම්බන්ධ වන්න.ස්තුතියි .මා හා රැදෙන ඔබ සියලු දෙනාට.
           -නදීෂ නිර්මාණ හේරත්

Saturday, September 15, 2012

යකාගේ බංගලාව -13 ‍

        
          ලුසියා කඩමාළු නමුත් පිරිසිදු රෙද්ද කරවට
තව තවත් ඔතා ගත්තාය.සුප් භාඡනය හැදි
ගාමින් සිටි මේරි තම එප්රනය අතින් සකසා
ගනිමින් එහි පදම බැලුවාය.

   “මේ හිමිදිරි යෙ මොකෝ ලුසි අක්කෙ....”

තමා අසළ ලී පුටුව මතට බරවූ ලුසියා දෙසට
හැරුනු මේරි සුප් භාඡනය පියනින් වැසුවාය.

    “පුඵවන් නං හිමිදිරියෙ නෙවේ....රාත්තිරි
    -යෙම එනවා බං”

    “ඇයි බංගලාවෙ මොකුත් කරදරයක්වත් ද?
     ‍ෙඡා්සප් ආපු  වෙලාවෙත් මම අක්කා ගැන
     ඇහුවා

       මේරි  ලුසියා වාඩිවී සිටි පුටුව අසළ සිට -
-ගත්තේ ඇය ට පිටුපා ය.ඇය සිටියේ අමුත්තාට
කෑම පිළියෙළ කරමිනි.


“ ඌයි ....මායි තනියම ඒ පාඵ බංගලාවෙ හිටිය ට දැන් සිද්ධ වෙන්නෙ හරි අමුතු දේවල් බං”


 ලුසියා මත වූ ඩ්ගැන්ටරයෙන් වතුර වීදුරුවක් පුරවාගෙන සෙමින් එය තොළ ගාන්න ට වූවා ය.
සීතල නිසාදෝ ඇයගේ දෙඅත් හිරිවැටී සුදුමැළි වී ගොසිනි.


“බංගලාවෙ තනියම උන්න ට  මහත්තයා උඔල ට නොසලකා ඉන්නවා යැ බං”

මේරි ගේ කතාවට මහඵ කාන්තාවගේ ඇග තරහින් රත්වී ගියා ය.

“එහෙව් කෙංගෙඩියක් නෙවේ බං”

“එහෙනං.....?”

මේරි ලුසියා වෙත ළංවූයේ  ඒප්රනය ගලවා බිත්තියෙ ඇණයක ‍එල්ලමනි.


“මං දැක්ක‍ා බං ..............එරික් මහත්තයව....
උන්දෑ මං දිහා බලන් හිටියා ගිලින්න වගෙ
මැද සාලෙ ඉදන්...”

මැහැල්ල රහසින් මෙන් වදන් පිට කලේ වට-
-පිටාවේ තම කතාව කිසිවෙකු අසා සිටීදැයි
සැකහැර දැන ගනිමිනි.මහඵ කාන්තාවගේ
කතාවට ‍මේරි ගේ මුහුනේ ඇදුනේ තැතිගැන්-
-මක් මුසු මද සිනහවකි.


“සීතලය උ‍ෙඔ සෙම කෝපවෙලා...උඔල ට
විකාරද ලුසියක්කේ.මල වුන් ආපහු එන
රටක් තියෙයි ද බං”

-
ලුසියාගෙ කතාව කවුරුත් පිළිගනීද?
 එය ඇත්තක් නම්......තවත් කොටසක් ළගදීම)


(මෙම මාරක කතාව දිගින් දිගට ම පළ වෙන බව කරුණාවෙන් සලකන්න)




























































































Monday, November 7, 2011

යකා‍ගේ බංගලාව 12





‍‍
මොකක් ද කියලා කිව්වා'


ඇල්පඩ් ගජධීර කල්‍‍‍පනා බරිත ව මිහිදුම් බැදී තිබුනු ‍ජනේලය


දෙස බ‍ලා විමතියෙන් මෙන් ඇසු‍වෙිය.


එහෙත් ලුසියාගේ නෙත් භීතිය ට පත් වී ඇති බවක් පෙනෙන්න


ට ලැබුණි.


'මට තේරෙන්නෙ නෑ මහත්තයො.හැම දෙයක් ම පැටළිලි
සහගතයි.'


' ඒ කිව්වෙ.මට ‍‍උ‍‍‍‍‍‍‍ඔ කියන ඔය අංඩරය ‍තේරෙන්නෙ නෑ.
ඔය බංගලාවෙ ඇති භූතයෙක් නෑ බං'


ලුසියා තම නෙත් පියන් සෙමින් පියවමින් වෙහෙසකර විය.ඇය


කිසිවිටක ත් නිස්කාරනයේ බිය නොවන බව වි‍ටෙක ගජධීර සිතු


වෙිය.කවුළුව අතරින් ගලා ආ සුළං පහරින් ඇග හිරිගඩු ‍පිපෙන්


නට විය.


     'මම කියව්වෙ සර් මේ ගෑනි ට පිස්සු කියලා'



කොහේදෝ සිට දුවගෙන ආ තර් දෙස 


තානායම්හිමියා කෝප‍යෙන්



නෙත් ‍හෙළුවේය.ඔහු ලුසියා පිළිබද ව සිතුවේ ඈ උමතු‍ ගැහැනිය ක

ලෙසිනි.‍වයසත් සමග ම ඇයගේ මතකය හිනවීම පමණක් නොව



සිහිකල්පනාව ද දුර්වල වී ඇත යන මත‍ය ඔහු දැරුවෙිය.




'හරි හ‍රි අපි කියමු‍කො ලුසි අම්මේ ‍උඔට සොල්දරයෙන් ‍ඇහෙන
   

ශබ්ද සත්තුන් ගෙ වෙන්න ත් පුළුවන් නේද?





-මතු සම්බන්ධයි







Tuesday, July 5, 2011

යකා‍ගේ බංගලාව 11

          ලුසියා ගජධීර නිවස ට පැමිණ වසර ගණනාවකි.එඩ්වඩ් ගජධීරය න් තම 
බිරිද ට සහය වීම සදහා ඇය ව තෝරා ගනු ලැබුවේ ඈ හට කාත් කවුරුවුත් නැති
වීම නිසා ම නොව ඈ කළකට ඉහතදී සාත්තු  සේවිකාවක් ලෙස නගරයේ හෙද
විදුහලේ දී ලත් පරිචය නිසාම ය.කාලායාගේ ඇවෑමෙන් ඈ ඇල්පඩ් ගජධීර ගේ
අවංක සේවිකාව බව ට පත් වූවාය.‍
    
     '' හරි....හරි....දැන් කියපන්කෝ.මොකක්ද කාරණාව මේ හැටි කල්පනාකරන්න''

       ඇල්පඩ් ගජධීර තම සේවිකාව දෙස විමතියෙන් මෙන් බැල්මක් හෙලුවෙිය.
ඈ වෙනදා නැති සාංකාවකින් පෙළෙන බ‍ව ඔහුට සිතුණි.

       ''කොහෙද ‍මේ මිනිහා මගෙ ඇගට කඩා පනින්න ගත්තනෙ''

       ආතර් ඈ දෙස රවා බැල්මක් හෙලුවේ එවෙලෙහි ය.‍මැහැල්ල කතා කළේ තරමක්
කෝපයෙනි.වි‍ටෙක ඈ දත් මිටි කෑවා ය.

      ''ආතර් උඔ මෙතනින් යමන්.ලුසී කැමති නෑ උඔ ඉන්න තැන මේ
ගැන කතා කරන්න''
   
      තානායම්පල්ලා,තම ස්වාමියාගේ අණ ට කීකරුව එතැනින් ඉවත්
වූයේය.ගජධීර ද උගුර පාදමින් මහළු කාන්තාව වෙත ළං වූයේ කුතුහල-
-ය මුසු දෙනෙතිනි.

    ''මට ඒ බංගල‍වෙ තවත් වසන්න බෑ,ලොකු සෑර්.......''.

ලුසියා ද දිගු සුසුමක් හෙළමින් තානායමෙ හි ‍අසුනක ට බර වූයේ එයින්
හඩක් නංවමිනි.
   
   '' ඒ මොකෝ,හොර හතුරෙක්ගෙන් කරදරයක්වත් ද?''

    එහෙම ‍දෙයක් නෙවේ......ඇල්පඩ් මහත්තයො,රෑ ට රෑට සොල්දරය
උඩින් කවුරු හරි ඇවිදිනවා ඇහෙනවා

    ''මොකක් කීවෙ......''

 තානායම්කරුවා අයාගත් දෙනෙතින් ඈ වෙත හැරු‍ණේය.

-මතු සම්බන්ධයි-
    








Monday, July 4, 2011

යකා‍ගේ බංගලාව 10




තානායමෙහි ඉදිරිපස වු ආරුක්කු ‍පෙළ ‍වර්ෂාව ට දි‍යසෙවල බැදී

පැරණි පෙනුමක් ලැබී තිබුණි.එහි කලක ට ඉහතදී කල සායම් ද

ගොස් තිබිණි.ඈත සිට බලනනෙකු ට නම් එය පෙනෙන්නේ අත-

-හැර දමා තිබු ගොඩනැගිල්ල ක් ලෙසිනි.මිදුලෙහි වූ ඕක් ගස මත

පෙර දින රැයේ ‍නවාතැන් ගත් බකමූණා‍ගේ හඩ තරමක් බොල් එකකි.

‍

''කෝ මේ තානායමේ මිනිස්සු,දොරවල් හෝ ගාලා ඇරල දාලා''



මහඵ කාන්තාවගෙන් දිස්වුයේ අ‍ශෝභන ‍පෙනුමකි.තැනින් තැන ඉදී-

-ගොස් තිබුණු එහි සුළං හා දග කරන්න‍ට විය.



''මොකද බං බෙරිහන් දෙන්නෙ''



ආතර් කොර ගසමින් තානායමෙහි ඉදිරිය ද්වාරය අසළ සිට ගත්තේ

ඉද්ද ගැසුවාක් මෙනි.



'' මේ කොරෝ,මට උඔත් එක්ක බජනයක් නෑ,කොහි ද කියපන්

ඇල්පඩ් මහත්ත‍‍යා''



ඇයගේ කතාවට තානායම් පල්ලාගේ ‍නෙත් ලැජ්ජාවෙන් ඇළලී ගියේය.

ඔහු ඇය ට සාප කරමින් මොනමොනා දෝ කොදුරන්න ට විය.



''කවුද බං ඔය උදේ පාන්දර මොරගහන්නේ''



තානායම තුලින් ගොරහැඩි කටහඩක් ඇසිණි.ඒත් සමග ම පිටතට පැමිණි තානායම් හිමියාගේ බැල්ම මැහැල්ල කෙරේ විය.



'' මේ ලුසියානෙ,මොකද උදෙන් ම,ජොසප් ව එව්වානම් ඉවරයිනෙ''



ලුසියා ගේ මුහුණ රැය පුරා‍‍වටම නිදිමැරූ බවක් දුටු අයෙකු ට ගම්‍ය වෙයි.ඇය කුමකු හෝ මුමුණන්නට ‍වෙර දරන බව ඔහු ට ‍වැටහිණ.



''මම මේ කියන්න ආ‍වේ.....ලොකු මහත්ත ය ට බංග‍ලාවෙ......''



''ඇයි බංගලාවෙ ‍මොකද සිද්ද වෙලා තියෙන්නෙ''



ඊළග නිමේෂයේ ඇගේ හද ගැහෙමින් තිබිණි.



- මතු සම්බන්ධයි-









Friday, July 1, 2011

යකා‍ගේ බංගලාව 9



  

   මතු සම්බන්ධයි 







Friday, June 24, 2011

යකා‍ගේ බංගලාව 8


                        ලාහිරු කිරණ වැටී කවුලුව වසා ගත් තිර ‍පට හා
 දග කරන්න ට විය.කිසිවෙකුගේ හඩින් කාමරයෙහි ද්වාරය දෙසට
වික්ටර්ගේ නෙත් යන්නට විය.පෙරදා ‍රැයෙහි පැවති ගුප්ත බව
යම්තා ක් දුර ට වියැකෙන්න ට විය.
        ටක්..ටක්.....ටක්.....
   
       කවුද?........

       මම ආතර් .

  ‍‍වික්ටර්  ද්‍වාරය ‍විව්‍යත ක‍ලේ තම පිජාමා ව සකසා ගනිමිනි.
  එහෙත්.......