Friday, February 4, 2011

යකාෙග් බංගලාව 07

ටක් ටක් ටක්.......‍‍වික්ටර් ට තම නින්ද ස‍ීමා ‍‍


 කරන්නට සිදුවුයෙ කිසිවෙකු කාමරයෙහි


දොරට තට්ටු කරන හඩිනි. 


 ඒ පාර කවුද...........


   '' මං හි‍තන්නෙ සර් ට ගමන් මහන්සිය ට


 නින්ද ගියා.....''


     විවර කළ දොරටුවෙන්  මතුවු  අාතර් තම දත් දෙපළින් 

 සිනාසෙන්න ට විය.
  
      ‍‍ඹව්‍‍.......

    මම අාවෙ සර් ට  රෑ කෑම පිළියෙල කලා කියන්න

අාතර් ඔහුගේ නින්ද ට බාධා වුවා යැයි සිතමින් යටහත් පහත් ව

වික්ටර් දෙස බැලීය.

    හා හොදයි

    කාමරය ට  අරන්  ඒන්නත්  පුඵවනි මහත්මයා ‍‍

    නෑ තමුසෙ යනවා මම ඒන්නම් ‍‍........

   වික්ටර් තම කබාය දෙවුර ට දමාගෙන නාන කාමරය වෙත

   පියමනින්න ට විය.ද්වාරය සෙමින් වැසූ තානායම් අතවැසියා

   කොරිඩෝව  දිගේ අැවිද ගියේ ය.
  



Wednesday, November 24, 2010

යකාගේ බංගලාව 06

+
                                                  වික්ටර් සපරමාදු තම හිස් වැස්ම හා  කබාය 

බෝල කූඩුව මත එල්ලා දිගු සුසුමක් හෙළුවේය.කාමරයේ ඉහළ   

සිවිලි මත මකුළුවෙක් තම දැළ වියා අවසන් කරමින් සිටියේය.

කළකින් භාවිතා නොකල නිසාදෝ කාමරය අව පැහැ ගැන්වී  තිබුණි.
‍
මේසය මත තිබූ රූපවාහිනීයෙහි ස්විචය එබුවද එය ක්‍රයාත්මක 

නොවීය.අනතුරු ව ඹහු 

Thursday, August 12, 2010

යකාගේ බංගලාව 05



''ඒ මොකද?

''මේ තානායම අයිති ඇල්ෆඩ් මහත්තයා ටිකක් අමුතු
විදිහේ කෙනෙක්."


ආතර් තම අමුත්තා සමග කොරි‍ඩෝව දිගේ නොපෙ-
-නී යන්න ට විය.

රතු මකරා තානායම මීට කලකට ‍ඉහත දී පතළ වූයේ
‍දාමරිකයන් බහුල පරිසරයක් ලෙසිනි.එහෙත් තානායමේ
හිමිකාරිත්ව පැවතියේ ඇල්ෆඩ්ගේ පියා වන බැස්ටියන් ධර්මසිරි ය.

Tuesday, August 10, 2010

යකාගේ බංගලාව 04


“ තානායමට මම ඹබව සාදරයෙන් පිළිගන්නවා

මහත්මයා”

එක් අතකින් කෙහෙරැළි සකසා ගත් මො-

-නිකා තමා අසල වූ ලොග් පොත දිගහැරියාය.

“එළියෙ බොහොම සීතලයි’’

වික්ටර් තම හිස් වැස්ම ගලවා එය ලොබියෙහි

මේසය මත තබා සෙටිය මත දිගඇදුනාය.

“ඹබ අද රැය මෙහි පහන් කරනවද?එහෙමත්

නැත්තම්.......’’

“ මම අද මෙහි නවතිනවා.”

මොනිකා පෑනක් අතින්ගෙන පැමිණීමේ ලේඛ-

-නය දෙසට නෙත්හෙළුවවා ය.

“මහත්මයාගෙ නම? ”

“මම වික්ටර් සපරමාදු.....”

“මට ඔබේ හැදුනුම්පත අවශ්‍ය වෙනවා.කරුණ‍ාකර-

-මට ඒක දෙන්න පුළුවන්ද?

වික්ටර් තම කලිසම් සාක්කුවෙහි වූ පසුම්බිය තුළින්

හැදුනුම්පත ගෙන එය කවුන්ටරය මත තැබු‍වේ

තරුණියගේ දෙනෙත්වලට එබෙමිනි.

“කාමර අංක 22........ආතර්............... ආතර් ”

තරුණියගේ හඩ ඇසී කුදු මිනිසෙක් ඔවුන් අසල ට

පැමිණියේය.තරබාරු සිරුරකින් හෙබි මිනිසා

තීක්ෂණ බැල්මක් වික්ටර් වෙත හෙළා

“සර් මෙහෙන් එන්න.....’’

හරි අමුතු මිනිහෙක්.... වික්ටර් හට සිතුනි.

ආතර් වික්ටර්ගේ ගමන් මල්ල ගෙන කොරිඩෝව

දිගේ පියමනින අතර ඔහු ආතර් පසුපස ඇදුනේය.

“ එළියෙ හොදටම වැහැලා අහවර වුනා විතරයි.

සර් මේ පළාතට ආගන්තුක පාටයි”

“තමුසෙ කොහොමද එක පාරට ම එහෙම කීවෙ?

වික්ටර් පුදුමයෙන් මෙන් තානායම්පොළේ අතවැසි

මිනිසා දෙස බැලු‍වේය.

“හහ්.....හහ්.....හා....ඒක හරි ලෙහෙසි කාරණාවක්

මහත්මයා.මේ තානායම ට හුග කාලෙක ට පස්සෙයි

කෙනෙක් නවාතැන් ගන්න එන්නේ....’’

- තානායමේ දී වික්ටර් ට මුණගැසෙන්නේ ක‍‍වරෙක්ද?

Monday, August 9, 2010

යකාගේ බංගලාව 03



මෝටර් රියෙන් බැස ගත් වික්ටර් එහි දොර

‍වේගයෙන් වසා තානායම තුලට පිය මනින්-

-නට විය.එහි ඉදිරිපස විදුලි පහන් එළිය හැ-

-රුනු කොට තානායම්පොළේ දිස්වූයේ පාඵ

ස්වභාවයකි. වික්ටර් තම අත් බෑගය පිළිගැනී-

-මේ කවුන්ටරය මත තබා නිදි කිරමින් සිටි

තරුණිය වෙතට හැරු‍නේය.අනතුරු ව මේස-

-ලෑල්ල මත වූ සීනුව තද කලේය.තමා ඉදිරි-

-යට අමුත්තෙක් පැමිණි බව දුටු තරුණිය.

තම බ්ලවුසය සකසා ගනිමින් සිනාමුසු මුහුනි-

-න් ඹහු දෙස බැලුවාය.

-මතු සම්බන්ධයි-








































GINI PUPURU 05

hitha hoda massina 02