Monday, July 4, 2011

යකා‍ගේ බංගලාව 10




තානායමෙහි ඉදිරිපස වු ආරුක්කු ‍පෙළ ‍වර්ෂාව ට දි‍යසෙවල බැදී

පැරණි පෙනුමක් ලැබී තිබුණි.එහි කලක ට ඉහතදී කල සායම් ද

ගොස් තිබිණි.ඈත සිට බලනනෙකු ට නම් එය පෙනෙන්නේ අත-

-හැර දමා තිබු ගොඩනැගිල්ල ක් ලෙසිනි.මිදුලෙහි වූ ඕක් ගස මත

පෙර දින රැයේ ‍නවාතැන් ගත් බකමූණා‍ගේ හඩ තරමක් බොල් එකකි.

‍

''කෝ මේ තානායමේ මිනිස්සු,දොරවල් හෝ ගාලා ඇරල දාලා''



මහඵ කාන්තාවගෙන් දිස්වුයේ අ‍ශෝභන ‍පෙනුමකි.තැනින් තැන ඉදී-

-ගොස් තිබුණු එහි සුළං හා දග කරන්න‍ට විය.



''මොකද බං බෙරිහන් දෙන්නෙ''



ආතර් කොර ගසමින් තානායමෙහි ඉදිරිය ද්වාරය අසළ සිට ගත්තේ

ඉද්ද ගැසුවාක් මෙනි.



'' මේ කොරෝ,මට උඔත් එක්ක බජනයක් නෑ,කොහි ද කියපන්

ඇල්පඩ් මහත්ත‍‍යා''



ඇයගේ කතාවට තානායම් පල්ලාගේ ‍නෙත් ලැජ්ජාවෙන් ඇළලී ගියේය.

ඔහු ඇය ට සාප කරමින් මොනමොනා දෝ කොදුරන්න ට විය.



''කවුද බං ඔය උදේ පාන්දර මොරගහන්නේ''



තානායම තුලින් ගොරහැඩි කටහඩක් ඇසිණි.ඒත් සමග ම පිටතට පැමිණි තානායම් හිමියාගේ බැල්ම මැහැල්ල කෙරේ විය.



'' මේ ලුසියානෙ,මොකද උදෙන් ම,ජොසප් ව එව්වානම් ඉවරයිනෙ''



ලුසියා ගේ මුහුණ රැය පුරා‍‍වටම නිදිමැරූ බවක් දුටු අයෙකු ට ගම්‍ය වෙයි.ඇය කුමකු හෝ මුමුණන්නට ‍වෙර දරන බව ඔහු ට ‍වැටහිණ.



''මම මේ කියන්න ආ‍වේ.....ලොකු මහත්ත ය ට බංග‍ලාවෙ......''



''ඇයි බංගලාවෙ ‍මොකද සිද්ද වෙලා තියෙන්නෙ''



ඊළග නිමේෂයේ ඇගේ හද ගැහෙමින් තිබිණි.



- මතු සම්බන්ධයි-









Friday, July 1, 2011

යකා‍ගේ බංගලාව 9



  

   මතු සම්බන්ධයි 







Friday, June 24, 2011

යකා‍ගේ බංගලාව 8


                        ලාහිරු කිරණ වැටී කවුලුව වසා ගත් තිර ‍පට හා
 දග කරන්න ට විය.කිසිවෙකුගේ හඩින් කාමරයෙහි ද්වාරය දෙසට
වික්ටර්ගේ නෙත් යන්නට විය.පෙරදා ‍රැයෙහි පැවති ගුප්ත බව
යම්තා ක් දුර ට වියැකෙන්න ට විය.
        ටක්..ටක්.....ටක්.....
   
       කවුද?........

       මම ආතර් .

  ‍‍වික්ටර්  ද්‍වාරය ‍විව්‍යත ක‍ලේ තම පිජාමා ව සකසා ගනිමිනි.
  එහෙත්.......

     








Friday, February 4, 2011

යකාෙග් බංගලාව 07

ටක් ටක් ටක්.......‍‍වික්ටර් ට තම නින්ද ස‍ීමා ‍‍


 කරන්නට සිදුවුයෙ කිසිවෙකු කාමරයෙහි


දොරට තට්ටු කරන හඩිනි. 


 ඒ පාර කවුද...........


   '' මං හි‍තන්නෙ සර් ට ගමන් මහන්සිය ට


 නින්ද ගියා.....''


     විවර කළ දොරටුවෙන්  මතුවු  අාතර් තම දත් දෙපළින් 

 සිනාසෙන්න ට විය.
  
      ‍‍ඹව්‍‍.......

    මම අාවෙ සර් ට  රෑ කෑම පිළියෙල කලා කියන්න

අාතර් ඔහුගේ නින්ද ට බාධා වුවා යැයි සිතමින් යටහත් පහත් ව

වික්ටර් දෙස බැලීය.

    හා හොදයි

    කාමරය ට  අරන්  ඒන්නත්  පුඵවනි මහත්මයා ‍‍

    නෑ තමුසෙ යනවා මම ඒන්නම් ‍‍........

   වික්ටර් තම කබාය දෙවුර ට දමාගෙන නාන කාමරය වෙත

   පියමනින්න ට විය.ද්වාරය සෙමින් වැසූ තානායම් අතවැසියා

   කොරිඩෝව  දිගේ අැවිද ගියේ ය.
  



Wednesday, November 24, 2010

යකාගේ බංගලාව 06

+
                                                  වික්ටර් සපරමාදු තම හිස් වැස්ම හා  කබාය 

බෝල කූඩුව මත එල්ලා දිගු සුසුමක් හෙළුවේය.කාමරයේ ඉහළ   

සිවිලි මත මකුළුවෙක් තම දැළ වියා අවසන් කරමින් සිටියේය.

කළකින් භාවිතා නොකල නිසාදෝ කාමරය අව පැහැ ගැන්වී  තිබුණි.
‍
මේසය මත තිබූ රූපවාහිනීයෙහි ස්විචය එබුවද එය ක්‍රයාත්මක 

නොවීය.අනතුරු ව ඹහු 

Thursday, August 12, 2010

යකාගේ බංගලාව 05



''ඒ මොකද?

''මේ තානායම අයිති ඇල්ෆඩ් මහත්තයා ටිකක් අමුතු
විදිහේ කෙනෙක්."


ආතර් තම අමුත්තා සමග කොරි‍ඩෝව දිගේ නොපෙ-
-නී යන්න ට විය.

රතු මකරා තානායම මීට කලකට ‍ඉහත දී පතළ වූයේ
‍දාමරිකයන් බහුල පරිසරයක් ලෙසිනි.එහෙත් තානායමේ
හිමිකාරිත්ව පැවතියේ ඇල්ෆඩ්ගේ පියා වන බැස්ටියන් ධර්මසිරි ය.

Tuesday, August 10, 2010

යකාගේ බංගලාව 04


“ තානායමට මම ඹබව සාදරයෙන් පිළිගන්නවා

මහත්මයා”

එක් අතකින් කෙහෙරැළි සකසා ගත් මො-

-නිකා තමා අසල වූ ලොග් පොත දිගහැරියාය.

“එළියෙ බොහොම සීතලයි’’

වික්ටර් තම හිස් වැස්ම ගලවා එය ලොබියෙහි

මේසය මත තබා සෙටිය මත දිගඇදුනාය.

“ඹබ අද රැය මෙහි පහන් කරනවද?එහෙමත්

නැත්තම්.......’’

“ මම අද මෙහි නවතිනවා.”

මොනිකා පෑනක් අතින්ගෙන පැමිණීමේ ලේඛ-

-නය දෙසට නෙත්හෙළුවවා ය.

“මහත්මයාගෙ නම? ”

“මම වික්ටර් සපරමාදු.....”

“මට ඔබේ හැදුනුම්පත අවශ්‍ය වෙනවා.කරුණ‍ාකර-

-මට ඒක දෙන්න පුළුවන්ද?

වික්ටර් තම කලිසම් සාක්කුවෙහි වූ පසුම්බිය තුළින්

හැදුනුම්පත ගෙන එය කවුන්ටරය මත තැබු‍වේ

තරුණියගේ දෙනෙත්වලට එබෙමිනි.

“කාමර අංක 22........ආතර්............... ආතර් ”

තරුණියගේ හඩ ඇසී කුදු මිනිසෙක් ඔවුන් අසල ට

පැමිණියේය.තරබාරු සිරුරකින් හෙබි මිනිසා

තීක්ෂණ බැල්මක් වික්ටර් වෙත හෙළා

“සර් මෙහෙන් එන්න.....’’

හරි අමුතු මිනිහෙක්.... වික්ටර් හට සිතුනි.

ආතර් වික්ටර්ගේ ගමන් මල්ල ගෙන කොරිඩෝව

දිගේ පියමනින අතර ඔහු ආතර් පසුපස ඇදුනේය.

“ එළියෙ හොදටම වැහැලා අහවර වුනා විතරයි.

සර් මේ පළාතට ආගන්තුක පාටයි”

“තමුසෙ කොහොමද එක පාරට ම එහෙම කීවෙ?

වික්ටර් පුදුමයෙන් මෙන් තානායම්පොළේ අතවැසි

මිනිසා දෙස බැලු‍වේය.

“හහ්.....හහ්.....හා....ඒක හරි ලෙහෙසි කාරණාවක්

මහත්මයා.මේ තානායම ට හුග කාලෙක ට පස්සෙයි

කෙනෙක් නවාතැන් ගන්න එන්නේ....’’

- තානායමේ දී වික්ටර් ට මුණගැසෙන්නේ ක‍‍වරෙක්ද?